. පොලිසිය බහරේන් පිල පරදවයි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 25 වැනි අගහරුවාදා
පොලිසිය බහරේන් පිල පරදවයි
2018-04-29 13:21:29 | .

බහරේන් පාපන්දු රග්බි කණ්ඩායම හා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර ඊයේ (28) පැවති සුහඳ රග්බි තරගය ලකුණු 31-27 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත් විය.

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී, සාර්ථක ආරම්භයක් ලබා ගත් ශ්‍රී ලංකා පොලීසිය තරගය ආරම්භ වී පළමු විනාඩි කිහිපය ගත වීමටත් මත්තෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි.

ශ්‍රී ලංකා පොලීසිය හා කරට කර තරගයට අවතීර්ණ වූ බහරේන් කණ්ඩායම ද උත්සාහක දිනුමක් සමගින් ලකුණු ලබා ගැනිම ආරම්භ කළේය. නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලීසියේ වාජිත් ෆවුමි දෙවන උත්සාහක දිනුමද ලබා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට ජයග්‍රාහී ආරම්භයක් ගෙන ආවේය. එවිට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 12-5 ලෙසය.

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු දෙකක් තිබියදී නැවතත් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පොලිසියේ නිපුන් හසරංග උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනයක් ලබා ගනිමින් ලකුණු සටහන ඉහළ නැංවීය. ඒ අනුව පළමු අර්ධය අවසානයේ ශ්‍රී ලංකා පොලිසීය ලකුණු 19-5 ලෙස පෙරමුණ ගත්තේය.

බහරේන් කණ්ඩායමට කිසිසේත් හිස එසවීමට අවස්ථාව නොදුන් ශ්‍රී ලංකා පොලීසිය දෙවන කාර්තුව ආරම්භ වී විනාඩි 3ක් යාමට මත්තෙන් නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එහිදී ප්‍රදීප් කුමාර විසින් උත්සාහක දිනුමක් ලබා ගනිද්දී අමිත ප්‍රභාත්ගේ ප්‍රවර්තන අවස්ථාවද සාර්ථක විය. එම ලකුණු සංඛ්‍යාවත් සමඟ ප්‍රධාන ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ 26-5 ලෙසය.

තරගය ආරම්භ වී 37 වන මිනිත්තුවේදි නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ බහරේන් කණ්ඩායම උත්සාහක දිනුමක් හා ප්‍රවර්තන අවස්ථාවක් සමගින් ලකුණු 7ක් ලබා ගත්තේය. ඒ අනුව ප්‍රධාන ලකුණු පුවරව ලකුණු 26-12 ලෙස සටහන් විය.

තරගයේ අවසන් අදියරට වර්ෂාවෙන් බාධා ඇති වුවත් වර්ෂාව මැද්දේ වුවද තරගය අත් නොහළ බහරේන් කණ්ඩායම උත්සාහක දිනුම් අවස්ථා දෙකක් ලබා ගනිමින් නැවතත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම ආක්‍රමණය කළේය. නමුත් තරගය අවසාන වන තෙක් බහරේන් කණ්ඩායමට නොදෙවිනි වූ ශ්‍රී ලංකා පොලීසිය තරගය අවසන් කරන ලද්දේ  31-27 ලෙසනි. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියට මෙම තරගයේ ජයග්‍රහණය හිමි විය.

තරගය අවසානයේ බහරේන් ක්‍රීඩකයන් ක්‍රිඩාංගණයේ ජලය මත ලිස්සා යමින් තම සුහඳත්වය සැමරූ ආකාරය කාගේත් ප්‍රශංසාවට ලක් වූ අතර ශ්‍රී ලංකා පොලීසියද ඔවුන් හා එක් වෙමින් පැමිණ සිටි ප්‍රේක්ෂකයයෝ අමන්දානන්දයට පත් කළෝය.

-024
 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
මැතිව්ස් අවදානම් අඩවියක...
2018-09-23 20:39:36
ක්‍රීඩකයකු වශයෙන් අසාර්ථක වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ට තවදුරටත් කණ්ඩායමේ නායකයාගේ ස්ථානයේ රැඳී සිටි හැකිද යන ප්‍රශ්නයේ හඬ එන්න එන...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...