. හර්ෂණට රිදී පදක්කමක් | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
හර්ෂණට රිදී පදක්කමක්
2018-04-30 13:24:24 | කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

ඇල්බේනියාවේ මෙවර පැවති 14 වැනි ලෝක පාසල් චෙස් තරගාවලියේදී රිදී පදක්කම දිනා ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න සමත්විය.

මේ තරගාවලියේදී හර්ෂණ වයස 15න් පහළ බාලක ඉසව්වේදී තරගවදිමින් මේ රිදී පදක්කම දිනා ගත්තේය.
මේ ඔහු දිනාගත් තුන්වැනි ලෝක පාසල් පදක්කමයි.

2014 වසරේත් පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 11න් පහළ බාලක රන් පදක්කමත්, ගිය වසරේ (2017) පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 13න් පහළ බාලක රිදී පදක්කමක් දිනා ගැනීමට ඔහු සමත් විය.

මෙවර ඇල්බේනියාවේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියට වයස 7ක් පහළ, 9න් පහළ, 11න් පහළ, 13 පහළ, 15න් පහළ හා 17න් පහළ බාලක, බාලිකා ඉසව් සඳහා ශ්‍රී ලංකා පාසල් චෙස් ක්‍රීඩිකාවෝ 37 දෙනෙක් සහභාගී වූහ.

මෙම තරගාවලියට සහභාගී වූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනාගෙන් හර්ෂණ තිලකරත්න හැර වෙනත් කිසිම ක්‍රීඩකයෙකුය හෝ ක්‍රීඩිකාවකට පදක්කමක් දිනා දීමට හැකියාවක් නොලැබිණ.

ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේත් වයස 7න් පහළ, 9න් පහළ, 11න් පහළ, 13 පහළ හා 17න් පහළ බාලක බාලිකා ඉසව්වල ප්‍රථම ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 72කුට මේ තරගාවලියට සහභාගී විය හැකිවුවත් ශ්‍රී ලංකා චෙස් සංගමය මඟින් නම් කරන ලද නිල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ වියදමින් රුපියල් ලක්ෂ දෙකහමාරක්ද (250,000) ද, නිල නොවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ වියදමින් රුපියල් ලක්ෂ තුනහමාරකට ආසන්න (333, 000) මුදලක් ගෙවීමට සිදු වීම නිසා බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ තරගාවලියට සහභාගී වී නොසිටියහ. ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මඟින් නම් කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ඒ අතර සිටියහ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...