. සඳුන්ගේ ස්ථානය මධුෂංකට | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
සඳුන්ගේ ස්ථානය මධුෂංකට
2018-05-03 19:42:15 | ශානුක අරවින්ද පාසිකුඩා සිට...

‘ටී-කප්’ ජාත්‍යන්තර රේසිං පාපැදි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩයමට නම් කරනු ලැබ සිටි ලීමර් ප්‍රෝ ක්‍රීඩා සමාජයේ චාමික සඳුන් කුමාර අවසන් මොහොතේ සිය පෞද්ගලික හේතුවක් මත තරගාවලියට සහභාගි වීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහුගේ ස්ථානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබ සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාත් මධුෂංක ආදේශ කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය පියවර ගෙන තිබේ. 

ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වය දරන අතර ගුවන් හමුදාවේ සංජු දීමන්ත, නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් සහ වරාය අධිකාරියේ විරාන් රමේෂ් ජාතික කණ්ඩායම නියෝජනය කරන සෙසු ක්‍රීඩකයෝ වෙති. 

තරගාවලිය සඳහා ඇති සූදානම සම්බන්ධයෙන් කළ විමසුමකදී මෙරට පාපැදි ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ පසුවන සංජු දීමන්ත ලංකාදීපයට පවසා සිටියේ මෙම තරගාවලියට මුහුණදීම සඳහා තමා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනාම මහත් බලාපොරොත්තු සහගතව පසුවන බවයි. 

සංජු දීමන්ත

තවමත් වයස 23 න් පහළ ක්‍රීඩකයකු වන සංජු, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන ඇත්තේ 2017 වසරේ පැවැති ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි තරගයේ පළමු ස්ථානය, එම වසරේම දින 5 ක් පුරා පැවැති එස්.එල්.ටී. පාපැදි තරගයයේ දෙවැනි ස්ථානය සහ එක් දින පාපැදි තරග 4 ක පළමු ස්ථාන දිනාගනිමිනි.  

වැඩි දුරටත් අදහස් දක්වමින් සංජු කියා සිටියේ මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමක් ලෙස එක්ව පුහුණුවීම්වල නිරත වීමට තරම් කාලයක් නොලැබුණද, පසුගිය කාල වකවානුව තුළ එක් එක් ක්‍රීඩකයන් තනි තනිවම පුහුණුවීම් වල නිරත වෙමින් තරගාවලිය සඳහා හොඳ පෙරපුහුණුවක් ලබාගත් බවයි. 

“මම හිතනවා අපිට මේ තරගාවලිය ගොඩක් ලොකු අභියෝගයක් වෙයි කියලා. මොකද හුඟක් දක්ෂ කණ්ඩායම් තමයි මේ තරගාවලියට ඇවිත් ඉන්නේ. ඒ නිසා තරගය ජයග්‍රහණය කිරීමට වඩා කණ්ඩායමේ එක ක්‍රීඩකයෙක් හරි පළවෙනි 10 දෙනා අතරට රැගෙන එන අපේ ප්‍රධානම බලාපොරොත්තුව වෙන්නේ.” යැයිද සිය පළමු ‘ටී-කප්’ පාපැදි සවාරියට සහභාගි වීමට සූදානමින් සිටින සංජු පැවසීය. 

තරගාවලියට සහභාගි වන සෙසු ශ්‍රී ලංකා කණ්ඩායම වන ශ්‍රී ලංකා පාපැදි සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය 2010 වසරේ බංග්ලාදේශයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සහ 2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක කුමාරට හිමිවී තිබේ. 

ජනක කුමාර

ගුවන් හමුදාවේ මධුෂංක ප්‍රනාන්දු, දෙහිවල ගල්කිස්ස නරග සභාවේ ප්‍රියන්ත විජේසිංහ,  නාවික හමුදාවේ අවිෂ්ක මැඩොන්සා සහ ශ්‍රී ලංකා පොලිසියේ සුදීර නිලංග පාපැදි සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති. 

මෙවර තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අතුරින් අත්දැකීම් බහුළම දේශීය කීඩකයා වන ජානක කුමාර, තරගාවලියට සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග එක්ව තරගයේදී යම් කිසි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක කියා සිටියේ සිය කණ්ඩායම අත්දැකීම් බහුළ ක්‍රීකයන්ගෙන් මෙන්ම නවක ක්‍රීඩකයන්ගෙන්ද සමන්විත වන බවත්, ඒ අතර තැනිතලා මාර්ගයන්හි වේගයෙන් සිය පාපැදි මෙහෙයවීමට සමත් ක්‍රීඩකයන් මෙන්ම කඳු තරණයට දස්කම් පෙන්වන ක්‍රීඩකයන්ද සිටින බවත්ය.  

“පසුගිය වසරේදී ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට කණ්ඩායම් කිහිපයක්ම සහභාගි වුණා. ඒත් මේ පාර ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙන්නේ කණ්ඩායම් දෙකයි. විදෙස් කණ්ඩායම් 11 ක් ඇවිත් ඉන්නවා අපිත් එක්ක තරග වදින්න. තරගාවලිය පුරා ඔවුන්ට හොඳ අභියෝගයක් එල්ල කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද පාපැදි තරග ක්ෂේක්ත්‍රයේ වසර 25 ක පමණ අත්දැකීම් සහිත ජනක පැවසීය. 

කිලෝ මීටර් 132 ක දුරකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර හෙට (4 වැනිදා) පෙරවරු 9.05 ට පාසිකුඩාහි ‘පාසි විලා සංචාරක හෝටලය අසලින් ආරම්භ වීමට නියමිතය. එහිදී තරගකරුවන්ට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ යන නගර පසුකරමින් මහියංගනයට පැමිණීමට සිදුවේ. ඊට ස්ප්‍රින් අදියරය 2 ක් ඇතූළත් වන අතර ඉන් පළමු වැන්න කිලෝ මීටර 23.2 ක් නිමාවන විටද, දෙවැන්න කිලෝ මීටර් 67.8 ක් නිමාවන විටද අවසන් වේ. 

 

ඡායාරූප - ශානුක අරවින්ද

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...