. පළමු දිනයේ වැඩි ගෞරව ශා.ජෝෂප් විදුහලට | කෙළිමඬල
2019 ජනවාරි මස 19 වැනි සෙනසුරාදා
පළමු දිනයේ වැඩි ගෞරව ශා.ජෝෂප් විදුහලට
2018-05-08 19:58:16 | ශානුක අරවින්ද

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 300 ක් ලබාගත්තේය.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් ඩැනියෙල් පන්දු 142 කදී ලකුණු 86 ක් රැස්කරමින් ශාන්ත ජෝෂප් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 42 ක්ද, රෙවාන් කේලි ලකුණු 39 ක්ද, ලක්ෂාන් ගමගේ නොදැවී ලකුණු 35 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව දක්වා ඔසවා තැබීම සඳහා දායක වූහ.

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ තිසරු දිල්ෂාන් කඩුලු 3 ක් දවාගත් අතර නායක හසිත බෝයගොඩ සහ කවිෂ්ක සේනාදීර කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ත්‍රිත්ව විදුහල කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියේය.

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 82.4 කදී සියලු දෙනා දැවී 300
(ජෙහාන් ඩැනියෙල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කේලි 39, ලක්ෂාන් ගමගේ නොදැවී 35, නිපුන් සුමනසිංහ 28, දිනෙත් ජයකොඩි 25, සචින්ත රවිඳු 20, තිසරු දිල්ෂාන් 43/3, හසිත බෝයගොඩ 42/2, කවිෂ්ක සේනාදීර 58/2)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 35

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
තිසරගෙන් පන්දු 26 කදී ලකුණු 74 ක්...
2019-01-13 21:45:55
බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් (බී.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොමිලා වික්ටෝරියන්ස් පිල සහ චිතගොන් වයිකිංස් පිල අතර ඩකාහි මීර්පූර් ක්&...
ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක් ...
2019-01-12 12:55:36
අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුල...
පැතුම් - කමිඳු බලාපොරොත්තු රඳවාගනිති...
2019-01-15 16:13:56
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය තෙව...