. හේනේගම මැදි විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
හේනේගම මැදි විදුහල අවසන් තරගයට
2018-05-09 13:12:22 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු අවසන් පූර්ව තරගය ජයගත් හේනේගම මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පෙරේදා (7 වැනිදා) සමත්විය.

 වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට හේනේගම මැදි විදුහල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට ඕවර 39.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 100 ක් පමණි.

ලකුණු 29 ක් ලබාගත් පසිඳු සමේෂ් යිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ප්‍රමිත් දර්ශණ ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් හේනේගම මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය. ජනිත් මදුහංස, දමිත් විජේනායක සහ විමුක්ති ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගනිමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය හේනේගම මැදි විදුහල ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

අර්ධ ශතකයක් ලබාගත් සසංක දුලාජ් ජයග්‍රහණය කරා හේනේගම මැදි විදුහල රැගෙන යමින් නොදැවී ලකුණු 61 ක් රැස් කළේය.
දිල්ශාන් ජයවර්ධන ලකුණු 21 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

ලයිසියම් විද්‍යාලය - ඕවර 39.5 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(පසිඳු සමේෂ් 29, ප්‍රමිත් දර්ශණ 14/3, ජනිත් මදුහංස 19/2, දමිත් විජේනායක 23/2, විමුක්ති ලක්ෂාන් 03/2)

හේනේගම මැදි විදුහල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 101
(සසංක දුලාජ් නොදැවී 61, දිල්ශාන් ජයවර්ධන 21/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...