. අන්තර් පාසල් ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 21 වැනි ඉරිදා
අන්තර් පාසල් ශූරතාව ශාන්ත ජෝෂප් විදුහලට
2018-05-09 21:16:26 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

පළමු දිනය නිමා වනවිට කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටි ත්‍රිත්ව විදුහලට දෙවැනි දිනය වූ අද (9 වැනිදා) සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. ත්‍රිත්ව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක හසිත බෝයගොඩ පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගනිමින් ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම අඩපණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ලක්ෂාන් ගමගේ ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳහෙළිය.

කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝෂප් කණ්ඩායමේ නායක ජෙහාන් ඩැනියෙල්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 300 ක් ලබාගත්තේය.

එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජෙහාන් ඩැනියෙල් පන්දු 142 කදී ලකුණු 86 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 42 ක්ද, රෙවාන් කේලි ලකුණු 39 ක්ද, ලක්ෂාන් ගමගේ නොදැවී ලකුණු 35 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව දක්වා ඔසවා තැබීම සඳහා දායක වූහ.

තිසරු දිල්ෂාන් කඩුලු 3 ක්ද, නායක හසිත බෝයගොඩ සහ කවිෂ්ක සේනාදීර කඩුලු 2 බැගින්ද දවාගනිමින් ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 82.4 කදී සියලු දෙනා දැවී 300
(ජෙහාන් ඩැනියෙල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කේලි 39, ලක්ෂාන් ගමගේ නොදැවී 35, නිපුන් සුමනසිංහ 28, දිනෙත් ජයකොඩි 25, සචින්ත රවිඳු 20, තිසරු දිල්ෂාන් 43/3, හසිත බෝයගොඩ 42/2, කවිෂ්ක සේනාදීර 58/2)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 69 කදී සියලු දෙනා දැවී 173
(හසිත බෝයගොඩ 35, තිසරු දිල්ෂාන් 29, ජෙෆ් වීරසිංහ 24, අශාන් ලොකුකැටිය 21, දුනිත් වෙල්ලාලගේ 40/4, ලක්ෂාන් ගමගේ 42/3)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...