. ගල්ඔය සටනේ ජය උහන මහ විදුහලට | කෙළිමඬල
2018 ජූලි මස 16 වැනි සඳුදා
ගල්ඔය සටනේ ජය උහන මහ විදුහලට
2018-05-13 17:52:29 | දිගාමඩුල්ලේ සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල

අම්පාර ගාමිණී මහ විදුහල සහ උහන මහ විදුහල අතර ප්‍රථම වරට පැවැති ‘ගල්ඔය සටන‘ වාර්ෂික මහ ක්‍රිකටි තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට උහන මහ විදුහල ඊයේ (12) සමත් විය.

අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් උහන මහ විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 211ක් රැස්කළේය.

ඊට පිළිතුරු වශයෙන් අම්පාර ගාමිණී විද්‍යාලයට සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි.

අනතුරුව උහන මහ විද්‍යාලයේ ආරාධනයෙන් නැවතත් පිටියට පිවිසි ගාමිණී විද්‍යාලය පිතිකරණයේදී දැක්වූයේ දැඩි දුර්වලතාවයකි. ඉනිමක පරාජයෙන් බේරීමට ගත් උත්සාහයද අසාර්ථක වූ ගාමිණී විද්‍යාලයට දෙවෙනි ඉනීමේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 78ක් පමණි.  

ඒ අනුව ‘ගල්ඔය සටන‘ මංගල තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් උහන මහා විද්‍යාලය වාර්තා පොතට එක් විය.

තරගයේ වීරයා ලෙස උහන මහ විද්‍යාලයේ දිනේෂ් මධුසංඛ සම්මාන දිනාගත් අතර, එම විදුහලේ ඉෂාන් ඉරේෂ් කුමාර හොඳම පන්දු යවන්නා ලෙසත්, ලක්ෂිත දිසානායක හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ. හොඳම පිතිකරු සම්මානය හිමිවූයේ ගාමිණී මහ විද්‍යාලයේ තෙපුල් මියුරංගය.


උහන මහ විද්‍යාලය පළමු ඉනිම සියලු දෙනා දැවී 211
ගාමිණී විද්‍යාලය පළමු ඉනිම සියළු දෙනා දැවී 93
ගාමිණී විද්‍යාලය දෙවෙනි ඉනිම සියලු දෙනා දැවී 78

 

ජයග්‍රාහී උහන විදුහල් කණ්ඩායම

තරගයේ වීරයා - උහන මහ විද්‍යාලයේ දිනේෂ් මධුසංඛ

හොඳම පන්දු යවන්නා - උහන මහ විද්‍යාලයේ ඉෂාන් ඉරේෂ් කුමාර

හොඳම පන්දු රකින්නා - උහන මහ විද්‍යාලයේ ලක්ෂිත දිසානායක

හොඳම පිතිකරු - ගාමිණී මහ විද්‍යාලයේ තෙපුල් මියුරංග

ජයග්‍රාහී උහන විදුහල් කන්ඩායමේ නායක සංගීත් ඩිල්ෂාන් සම්මාන ලබාගනිමින්

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ක්‍රොඒෂියාව කටින් ජයගැනීමේ උත්සාහයක ...
2018-07-10 21:30:57
  මූලික වටයේදී ආර්ජන්ටිනාව ගෝල 3-0 කින් පරාජය කරමින් ලයනල් මෙසීගේ ගෝල යන්ත්‍රය නැවැත්වූ තම කණ්ඩායමට හැරී කේන් පාලනය කිරීම...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...