. බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට | කෙළිමඬල
2018 ජූලි මස 21 වැනි සෙනසුරාදා
බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට
2018-05-13 18:28:49 | ශානුක අරවින්ද

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ඉසව්වේ ජය හිමිකර ගැනීමට බස්නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම බස්නාහිර පළාත සතු වූ අතර අනු ශූරතා ද්විත්වය දකුණු පළාතට හිමි විය.

එම අංශ දෙකේම තෙවැනි ස්ථාන හිමිකරගනු ලැබුවේ මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.

පිරිමි කණ්ඩායම් තරගාවලියේ අවසන් මහ තරගයේදී තරග 3-1 ක් ලෙස දකුණු පළාත පරාජය කිරීමට බස්නාහිර පළාත සමත් විය. කාන්තා කණ්ඩායම් තරගාවලියේ අවසන් මහ තරගයේදී දකුණු පළාත පරාජය කිරීමට බස්නාහිර පළාත සමත් වූයේද තරග 3-1 ක් ලෙසිනි. තෙවැනි ස්ථාන සඳහා පැවැති පිරිමි තරගයේදී තරග උතුරු මැද පළාතට එරෙහිව තරග 3-0 ක ජයක් ලැබූ මධ්‍යම පළාත, කාන්තා තරගයේදී උතුරු මැද පළාතට එරෙහිව තරග 3-2 ක ජයක් වාර්තා කළේය.

සචින් ඩයස්, එස්.ආර්. අපොන්සු, ඉමේෂ් හසරංග, සුනේන්ද්‍ර තැන්නෙගෙදර, කේ.සී. මිනිමුතු සහ විභවි මධූෂ යන ක්‍රීඩකයන්ගෙන් මෙන්ම අචිනි රත්නසිරි, රුවිනි රත්නසිරි, කාවින්ද ඉෂාදිකා, ඕෂදී කුරුප්පු, ඩිල්මි ඩයස්, තිළිණි හෙන්ඳහේවා සහ උපුලි වීරසිංහ යන ක්‍රීඩිකාවන්ගෙන්ද ජයග්‍රාහී බස්නාහිර පළාත් කණ්ඩායම සමන්විත විය.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී බස්නාහිර පළාතේ ඉමේෂ් හසරංග පරාජය කළ දකුණු පළාතේ බුවනෙක ගුණතිලක, ඉන් නොනැවතී පිරිමි යුගල අවසන් මහ තරගයේදී හසිත චානක සමග එක්ව ඉමේෂ් සහ සචින් ඩයස් පරාජය කරමින් ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.

අවසන් මහ තරගයේදී දකුණු පළාතේ මධුෂිකා දිල්රුක්ෂි පරාජය කරමින් කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාතේ ඩිල්මි ඩයස් සමත් වූවාය. කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාතේ තිළිණි හේන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා සමත් වූයේ අවසන් මහ තරගයේදී දකුණු පළාතේ කාවින්දිකා ද සිල්වා සහ මදුෂිකා දිල්රුක්ෂි පරාජය කරමිනි.

තරගාවලියේ මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී දකුණු පළාතේ ළහිරු මධුෂාන් සහ මදුෂිකා දිල්රුක්ෂි පරාජය කිරීමට බස්නාහිර පළාතේ විභවි මධූෂ සහ උපුලි වීරසිංහ සමත් වූහ.


තරග ප්‍රතිඵල

පිරිමි කණ්ඩායම් තරග
ශූරතාව - බස්නාහිර පළාත් කණ්ඩායම
අනු ශූරතාව - දකුණු පළාත් කණ්ඩායම


පිරිමි කේවල තරග
ශූරතාව - බුවනෙක ගුණතිලක (දකුණු පළාත)
අනු ශූරතාව - ඉමේෂ් හසරංග (බස්නාහිර පළාත)


පිරිමි යුගල තරග
ශූරතාව - බුවනෙක ගුණතිලක සහ හසිත චානක (දකුණු පළාත)
අනු ශූරතාව - ඉමේෂ් හසරංග සහ සචින් ඩයස් (බස්නාහිර පළාත)


කාන්තා කණ්ඩායම් තරග
ශූරතාව - බස්නාහිර පළාත් කණ්ඩායම
අනු ශූරතාව - දකුණු පළාත් කණ්ඩායම


කාන්තා කේවල තරග
ශූරතාව - ඩිල්මි ඩයස් (බස්නාහිර පළාත)
අනු ශූරතාව - මධුෂිකා දිල්රුක්ෂි (දකුණු පළාත)


කාන්තා යුගල තරග
ශූරතාව - තිළිණි හේන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා (බස්නාහිර පළාත)
අනු ශූරතාව - කාවින්දිකා ද සිල්වා සහ මදුෂිකා දිල්රුක්ෂි (දකුණු පළාත)


මිශ්‍ර යුගල තරග
ශූරතාව - විභවි මධූෂ සහ උපුලි වීරසිංහ (බස්නාහිර පළාත)
අනු ශූරතාව - ළහිරු මධුෂාන් සහ මදුෂිකා දිල්රුක්ෂි (දකුණු පළාත)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...