. කොළඹ පිලට ලකුණු 92 ක ජයක් | කෙළිමඬල
2018 මැයි මස 20 වැනි ඉරිදා
කොළඹ පිලට ලකුණු 92 ක ජයක්
2018-05-14 20:44:24 | රොෂාන් ගුණරත්න

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 92 කින් ජයගැනීමට කොළඹ කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 310 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ඕවර 48.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 217 ක් පමණි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 76 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළ අතර චාමර කපුගෙදර පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය.

සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදුන් කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගියෝය.

සිය ඕවර 10 ලකුණු 43 කට සීමාකළ වනිඳු හසරංග කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශෙහාන් ජයසූරිය ලකුණු 43 කට කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා කොළඹ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 309 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සහ ශෙහාන් ජයසූරිය පළමු කඩුල්ල සදහා පන්දු 120 කදී ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. ශෙහාන් ජයසූරිය පන්දු 78 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 81 ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් පන්දු 65 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස් කළේය.

අර්ධ ශතක ලබාගනිමින් කොළඹ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ නැංවීම සදහා නැවතත් තෙවැනි කඩුල්ල සදහා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට චාමර සිල්වා සහ ළහිරු තිරිමාන්න සමත්වූහ. පන්දු 77 කදී ඔවුන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ළහිරු තිරිමාන්න පන්දු 69 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් චාමර සිල්වා පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 61 ක් රැස් කළේය.

මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම ලකුණු අතරට පැමිණියද මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට මහනුවර පන්දුයවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

සචිත් පතිරණ දැඩි පහර දීමකට ලක්වුවද ඕවර 5 ක් තුළ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගත් අතර ඕවර 10 ක් යවමින් ලකුණු 39 කට කඩුලු 2 ක් දවාගැනීමට ධණුෂ්ක ගුණතිලක සමතත්විය.


කොළඹ - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 309
(කමිඳු මෙන්ඩිස් 47, ශෙහාන් ජයසූරිය 81, චාමර සිල්වා 61, ළහිරු තිරිමාන්න නොදැවී 90, සචිත් පතිරණ 41/3, ධණුෂ්ක ගුණතිලක 39/2)

මහනුවර - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 217
(ධණුෂ්ක ගුණතිලක 59, චාමර කපුගෙදර 44, චරිත් අසලංක 21, මිනෝද් භානුක 26, වනිඳු හසරංග 43/4, තිසර පෙරේරා 25/2, ශෙහාන් ජයසූරිය 43/2)

 

ඡායාරූප - ළහිරු හර්ෂණ
 
ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉතාලියානුවෝ ලෝක කුසලානය කඳුලින් ඔපදමති...
2018-05-13 15:26:57
පාපන්දු ලෝක කුසලාන ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයක පමණ කෙටි කාලයකි. තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන පාපන්දු ලෝක කු...
ගුරුසිංහ සති කිහිපයක් රඳවාගනී...
2018-05-13 22:07:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වශයෙන් අසංක ගුරුසිංහ මහතා තවත් සති කිහිපයක් කටයුතු රඳවාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්&zw...
අයර්ලන්තය ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක...
2018-05-13 23:58:53
අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (13 වැනිදා) තරගය නතර කරන විට ඉනිමක පරාජයකින්...
විරාට් කෝලිගේ සැඟවුණ මානුෂීය ගුණය ...
2018-05-14 19:28:51
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉ...