. සෑම් කරන්ගේ පන්දු යැවීමෙන් සරේට ඉනිමක ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
සෑම් කරන්ගේ පන්දු යැවීමෙන් සරේට ඉනිමක ජයක්
2018-05-15 20:05:38 |

එංගලන්ත ප්‍රාන්ත සිවුදින ක්‍රිකට් තරගාවලියේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයක පළමු ඉනිමේදී කඩුලු 6 ක්ද, දෙවැනි ඉනිමේදී කඩුලු 4 ක්ද බැගින් සමස්ත තරගයේදී කඩුලු 10 ක් දවාගනිමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමට ඉනිමක ජයක් අත්කර දීමට 19 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සමත් විය. එම පන්දු යැවීම මෙතෙක් ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී I කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගයේ අවසන් දිනය වූ ඊයේ (14 වැනිදා) ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 185 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටි යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 168 කට සීමා කිරීමට සෑම් කරන් ප්‍රමුඛ සරේ ප්‍රාන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

මේ දක්වා සිවුදින තරග 4 කට සහභාගී වී ඇති සරේ කණ්ඩායම ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වන අතර මෙම ජයග්‍රහණයත් සමග I කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට සරේ ප්‍රාන්ත කණ්ඩායමට හැකි විය.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චෙතේෂ්වර් පුජාරා, එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායක ජෝ රූට් සහ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ට්‍රෝ වැනි ප්‍රභල පිතිකරුවන් රැසකගෙන් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමන්විත වේ. පිතිහරඹය අතින් එවන් ශක්තිමක් කණ්ඩායමක් අසරණ තත්ත්වයකට ඇද දැමීමට සමත් වූ මෙම ලාබාල පන්දු යවන්නා තවමත් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා නැත.

සිම්බාබ්වේ කණ්ඩායම නියෝජන කරමින් එක්දින තරග 11 කට සහභාගි වූ ක්‍රීඩකයක් වන කෙවින් කරන්ගේ පුත්‍රයකු වන සෑම් කරන්, දැනට එංගන්ත ජාතික කණ්ඩයම නියෝජනය කරන ටොම් කරන්ගේ සහ එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරන බෙන් කරන්ගේ ලාබාල සොහොයුරාද වේ.

සරේ ප්‍රාන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 414
(ඔලී පෝප් නොදැවී 158, රිකී ක්ලාර්ක් 71, ඩීන් එල්ගා 61, කෝනර් මැකර් 29, ටිම් බ්‍රෙස්නන් 98/3, ස්ටීවන් පීටර්සන් 107/3, ජැක් බෘක්ස් 91/2)

යෝක්ෂයර් ප්‍රාන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 229
(ජොනී බෙයාස්ට්‍රෝ 95, ජොෂ් ෂාවෝ 29, ජැක් ලීනිං 20, සෑම් කරන් 54/6, රිකී ක්ලාර්ක් 47/2, ජේඞ් ඩර්න්බැච් 81/2)

යෝක්ෂයර් ප්‍රාන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 168  
(ඇඩම් ලේත් 58, ජොනි බෙයාස්ට්‍රෝ 29, ජැක් ලීනිං 28, ජෝ රූට් 23, සෑම් කරන් 47/4, අමර් විර්දි 52/3, රිකී ක්ලාර්ක් 41/2)

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...