. කොල්කටා පිලට කඩුලු 6 ක ජයක් | කෙළිමඬල
2018 මැයි මස 20 වැනි ඉරිදා
කොල්කටා පිලට කඩුලු 6 ක ජයක්
2018-05-15 20:21:30 | ...

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 49 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී අද (15 වැනිදා) පැවැති තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 18 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගත්තේය.

සුනිල් නරේන් පන්දු 7 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගත්තද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට රාජස්ථාන් රෝයල්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්නේය.

කලබලයකින් තොරව පන්දුවට පහරදුන් ක්‍රිස් ලයන් පන්දු 42 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

ක්‍රිස් ලයන් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 42 කදී ලකුණු 48 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ඩිනේෂ් කාර්තික් පස්වැනි කඩුල්ල සදහා ඇන්ඩි්‍ර රසල් සමගින්ද එක්ව පන්දු 16 කදී ලකුණු 28 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඩිනේෂ් කාර්තික් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින්  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

බෙන් ස්ටෝක්ස් විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් එක් නිළකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් දවාගත්තද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 19 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

ප්‍රසිද් ක්‍රිෂ්ණා යවන ලද දෙවැනි ඕවරයේදී ලකුණු 19 ක් සහ ශිවම් මාවී යවන ලද තෙවැනි ඕවරයේදී ලකුණු 28 ක් ලබාගනිමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට රාහුල් ත්‍රිපාටී සහ ජෝස් බට්ලර් සමත්වූහ.

ඕවර 3.2 කදී ලකුණු 50 වාර්තා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය 15 සීමාවෙන් ඔබ්බට ගොස් තිබුණද පස්වැනි ඕවරයේදී රාහුල් ත්‍රිපාටී දැවීයාමත් සමගින් ලකුණු ලබාගැනීමේ වේගය කෙමින් කෙමින් පහත වැටුණි.

පළමු කඩුල්ල සදහා පන්දු 29 කදී ලකුණු 63 ක වේගවත් සම්බන්ධතාවයක් පැවැත්වීමට රාහුල් ත්‍රිපාටී සහ ජෝස් බට්ලර් සමත්වුවද සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනැගීමට නොහැකිවූහ.

පන්දු 22 කදී හයේ පහර 2 ක් සහ හතරේ 5 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් ජොස් බට්ලර් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර රාහුල් ත්‍රිපාටී ලකුණු 27 ක් සහ ජයදේව් උනද්කට් ලකුණු 26 ක් රැස් කළේය.

වේගපන්දු යවන්නන් දැඩි පහරදීමකට ලක්වන විටදී දඟ පන්දුවෙන් පිතිකරුවන් මෙල්ල කරමින් සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකළ කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඇන්ඩී්‍ර රසල් ලකුණු 13 කට කඩුලු 2 ක් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 35 කට කඩුලු 2 ක් දවාගත්හ.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඩිනේෂ් කාර්තික් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


රාජස්ථාන් රෝයල්ස් - ඕවර 19 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(රාහුල් ත්‍රිපාටී 27, ජොස් බට්ලර් 39, ජයදේව් උනද්කට් 26, කුල්දීප් යාදව් 20/4, ඇන්ඩී්‍ර රසල් 13/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 35/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 18 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 142
(සුනිල් නරේන් 21, ක්‍රිස් ලයන් 45, නිතිෂ් රානා 21, ඩිනේෂ් කාර්තික් නොදැවී 41, බෙන් ස්ටෝක්ස් 15/3

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඉතාලියානුවෝ ලෝක කුසලානය කඳුලින් ඔපදමති...
2018-05-13 15:26:57
පාපන්දු ලෝක කුසලාන ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයක පමණ කෙටි කාලයකි. තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන පාපන්දු ලෝක කු...
ගුරුසිංහ සති කිහිපයක් රඳවාගනී...
2018-05-13 22:07:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වශයෙන් අසංක ගුරුසිංහ මහතා තවත් සති කිහිපයක් කටයුතු රඳවාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්&zw...
අයර්ලන්තය ඉනිමක පරාජයකින් ගැළවීමේ සටනක...
2018-05-13 23:58:53
අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (13 වැනිදා) තරගය නතර කරන විට ඉනිමක පරාජයකින්...
විරාට් කෝලිගේ සැඟවුණ මානුෂීය ගුණය ...
2018-05-14 19:28:51
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉ...