. ශාන්ත ආනා විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ශාන්ත ආනා විදුහල අවසන් තරගයට
2018-05-16 11:44:49 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය.

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙදී මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට හැකිවිය.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවීම නිසා තරගය එක් පිලකට ඕවර 33 කට සිමාවිය.
කාසියේ වාසිය දිනාගත් ශාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා ශාන්ත අන්තෝනී විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 32.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.

ශාන්ත ආනා විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ අසරණවූ ශාන්ත අන්තෝනී විද්‍යාලයීය පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට නොහැකිවූහ. ලකුණු 27 ක් රැස්කළ නවෝද්‍ය විජයකුමාර ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ පසිඳු තෙන්නකෝන් ලකුණු 21 කට කඩුලු 4 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනී විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සිමාකිරීමට දායක විය.

ශාන්ත ආනා විද්‍යාලය ජයග්‍රහණය සදහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගියද තරගය අතරතුරු අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් මිනිත්තු 15 ක පමණා කාළයක් තරගය නතර කිරීමට සිදුවිය. 

ඕවර 30 කදී ලකුණු 110 ක අලුත් ඉලක්කයක් හිමිවූ ශාන්ත ආනා විද්‍යාලය ඕවර 27.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකිරීමට සමත්විය.

ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ වනිත වන්නිනායක ලකුණු 43 ත් රැස්කළ අතර ධනංජය බණ්ඩාර ලකුණු 23 ක් සහ කවිඳු රණසිංහ නොදැවී ලකුණු 22 ක් රැස්කිරීමට සමත්වූහ.

නිමාක ජයතිලක ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනී විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා. අන්තෝනී විද්‍යාලය - ඕවර 32.1 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(නවෝද්‍ය විජයකුමාර 27, පසිඳු තෙන්නකෝන් 21/4)

ශා. ආනා විද්‍යාලය - ඕවර 27.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 110
(වනිත වන්නිනායක 43, ධනංජය බණ්ඩාර 23, කවිඳු රණසිංහ නොදැවී 22, නිමාක ජයතිලක 20/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...