. III කොටසේ ශූරතාව ඩඩ්ලි සේනානායක විදුහලට | කෙළිමඬල
2018 අගෝස්තු මස 15 වැනි බදාදා
III කොටසේ ශූරතාව ඩඩ්ලි සේනානායක විදුහලට
2018-05-17 18:48:08 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල අද (17 වැනිදා) සමත් විය.

හේනෙගම මැදි විදුහලට එරෙහිව මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේදී පැවැති අවසන් මහ තරගය කඩුලු 6 කින් ජයගනිමින් ඩඩ්ලි සේනානායක විදුහල එම ශූරතාවට හිමිකම් කීවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය ඩඩ්ලි සේනානායක විදුහල් ක්‍රීඩකයෝ ඕවර 34.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. ලක්ජිත් ජයවීර ලකුණු 36 ක්ද, මිහිඳු මඳුෂාන් ලකුණු 27 ක්ද රැස්කරමින් සිය විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් හේනෙගම මැදි විදුහල ඕවර 45.3 ක් තුළ ලකුණු 113 කට සීමා කිරීමට ඩඩ්ලි සේනානායක විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ චතුරංග ප්‍රසාද් ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් හේනෙගම විදුහල් ඉනිම සුනුවිසුනණු කර දැමුවේය.

හේනෙගම මැදි විදුහල ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 113
(ළහිරු පෙරේරා නොදැවී 46, චතුරංග ප්‍රසාද් 15/5, මිහිඳු මදුෂාන් 22/2)

ඩඩ්ලි සේනානායක විදුහල ඕවර 34.4 කදී කඩුලු 4 ක් දැවී 114
(ලක්ජිත් ජයවීර 36, මිහිඳු මඳුෂාන් 27)

ශූරතාව දිනාගාගත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහල

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...