. මැතිව්ස් - ලක්මාල් පරීක්‍ෂණයෙන් සමත් | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
මැතිව්ස් - ලක්මාල් පරීක්‍ෂණයෙන් සමත්
2018-05-17 19:36:14 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජේෂ්ඨතම ක්‍රීඩකයින් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත්වීම නිසා බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා ඔවුන් දෙදෙනා සහභාගී කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17 වැනිදා) නිවේදනය කළේය. 

බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා පසුගිය සතියේ නම්කරන ලද 17 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුළත් කර තිබුණ අතර ශාරීරික යෝග්‍යතාව මත ඔවුන් දෙදෙනාගේම සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණි.

මෙම මස මුල් සතිය තුළදී පැවැති වෛද්‍ය පරීක්‍ෂණයෙන් ඔවුන් දෙදෙනාම සමත්වී සිටියද ටෙස්ට් තරගයක් ක්‍රීඩාකිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව තිබේදැයි මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී දින 8 ක් පුරා පැවැති පුහුණු කඳවුරේදී පරීක්‍ෂා කෙරුණි.

ටෙස්ට් තරග 72 කට ක්‍රීඩාකරමින් ලකුණු 4914 ක් රැස්කර ඇති තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 33 ක්ද දවාගැනීමට සමත්වී ඇත. 

වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ටේස්ට් තරග 44 කදී ලකුණු 543 ක් රැස්කර ඇති අතර කඩුලු 102 ක් දවාගෙන සිටී. 

මෙම මස අවසානයේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් සංචාරය ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ජූනී 6 වැනිදා පළමු ටෙස්ට් තරගයට සහභාගීවනු ඇත.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...