. බහරේනයෙන් රග්බි උපකරණ | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
බහරේනයෙන් රග්බි උපකරණ
2018-05-25 16:05:13 | .

සුහද තරග දෙකක් සඳහා පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි බහරේන් රග්බි කණ්ඩායම බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් 4 ක් සඳහා රග්බි උපකරණ බෙදා දුන්නේය. සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලය, දෙහිවල එස්.ඩී.එස් ජයසිංහ විද්‍යාලය, කොළඹ කේරී විදයාලය සහ පානදුර රාජකීය විද්‍යාල සඳහා බහරේන් රග්බි කණ්ඩායම විසින් රග්බි  උපකරණ බෙදා දෙන ලදි. 

බහරේන් රග්බි කණ්ඩායම වෙනුවෙන් එම රග්බි උපකරණ මෙම සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු කළ ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා විසින් පාසල් වලට බෙදා දෙන ලදි. 

එහිදී සෑම පාසලකටම රග්බි ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ සහ මෙවලම් බෙදා දුන් අතර අවුරුදු 12න් පහළ සහ 14න් පහළ දරුවන් සඳහා කුඩා තරගාවලියක්ද පවත්වනු ලැබිණ. 

බහරේන් රග්බි කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවති සුහද තරගය ශ්‍රී ලංකා පොලිසිය ජයගත් අතර පෆින් කණ්ඩායම සමග පැවති තරගය බහරේන් කණ්ඩායම ජයගත්තේය. 

- 024 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...