. නීති නොදැනීම පසුබෑමට හේතුවයි | කෙළිමඬල
2018 අගෝස්තු මස 17 වැනි සිකුරාදා
නීති නොදැනීම පසුබෑමට හේතුවයි
2018-05-28 11:47:46 | සුසිල් ප්‍රේමලාල්

විශිෂ්ට ක්‍රීඩා ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාව (විශේෂයෙන් මලල ක්‍රීඩාව) ප්‍රබල  සුබැස්මකට ලක්ව ඇති බවත් ඊට ප්‍රධානම හේතුව ලෙස තමා දකින්නේ බොහෝ පිරිසක් ක්‍රීඩාවේ නීති රීති පිළිබඳ නිවැරදි අවබෝධයක් නොනමැති වීම බවත් ඔලිම්පික් රීදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (ක්‍රීඩා) සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සුනිල් ජයවීර මහතාත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ පිළිගත් තාක්ෂණික නිලධාරියෙකු වන ජී.එල්.එස්. සැම්සන් මහතාත් එක්ව සම්පාදනය කරන ලද මලල ක්‍රීඩා නීති රීති (2018-2019) සිංහල ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් පැවැති උත්සවයක විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. මෙම උත්සවය කොළඹ පාපන්දු මූලස්ථානයේ ශුවණාගාරයේ පැවත්විණ. 
ඕනෑම ක්‍රීඩාවක පවතින නීති රීති පිළිබඳ පළුල් දැනුමක් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඊට දායක වන සියලු පාර්ශ්ව වලට තිබිය යුතු නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයකට ක්‍රීඩා නීති රීති පිළිබඳ අවබෝධයක් නැති බවත් බොහෝ සිද්ධීන් වලින් පෙනී යන බවද ඇය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී තවදුරටත් කරුණු දැක්වූ ජයසිංහ මහත්මිය, පැවති ක්‍රීඩා නීති රීති මෙන්ම දිනෙන් දින අලුත් වන නීති රීති පිළිබඳ දැනුම අලුත් නොවීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ අසාධාරණ තීන්දු තීරණ වලට ලක්වන බව පැවසුවාය. 

මීට වසර දෙකකට ඉහතදී මලල ක්‍රීඩා ඉසව්වක පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් එහි හිමිකාරියට අහිමි වූයේ නිලධාරීන්ට නීති රීති පිළිබඳ දැනුවත්බවත් නොතීබීම නිසා බව ඇය සඳහන් කළාය.

මලල ක්‍රීඩාවේ ප්‍රවීණයෙකු වන සුනිල් ජයවීර සහ ජී.එල්.එස්. සැම්සන් යන මහත්වරුන් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිංහල භාෂාවෙන් නිකුත් කරන ලද මෙම ක්‍රීඩා නීති රීති ග්‍රන්ථය වර්ථමානයේ සහ අනාගත පරපුරට මහත් රුකුලක් වනු ඇතැයිද සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවාය. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...
චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස...
2018-08-13 19:05:48
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්වෙන විස්සයි20 තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍ර...