. හිටපු ශුරිය ඔස්ටපෙන්කෝ ඉවතට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
හිටපු ශුරිය ඔස්ටපෙන්කෝ ඉවතට
2018-05-29 15:33:13 | .

මීට වසරකට කළින් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී සිය ටෙනිස් ජීවිතයේ කුළුඳුල් ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලානය දිනා ටෙනිස් ලෝකයම අන්දමන්ද කළ ලැටීවියා රාජ්‍යයේ ජෙලීනා ඔස්ටපෙන්කෝ  මෙවර තරගාවලියේ පළමු වටයේදීම පරාජය වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවූවාය. හිටපු ශූරිය පරාජය කරන ලද්දේ යුක්රේනයේ කතර්යෙනා කොස්ලෝවා විසිනි. ඇය ලකුණු 7-5 ක් සහ 6-3ක් ලෙස ඔස්ටපෙන්කෝ පරාජය කිරීමට සමත් වූවාය. 

පළමු වටයේදීම මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වූ ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි තැන පසුවන ජෙලීනා වාර්තාපොතට එක්වූයේ ග්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලියක කුසලානය අතැතිව සිටියදී පළමු වටයේදීම ඉවතට විසිවූ පළමු ක්‍රීඩිකාව ලෙසිනි.

වසර 2006 න් පසුව පළමුවතාවට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ මුල් වටයේදීම ඉවතට විසිවූ කුසලානය අතැති දෙවැනි ක්‍රීඩිකාව ලෙසත් ඇය වාර්තාපොත අලුත් කළාය. 2006 දී මේ අපකීර්තිමත් වාර්තාවට හිමිකම් කීවේ 2005 වසරේ ශූරිය වූ ඇනස්ටේසියා මයිස්කිනායි. 

2017 ප්‍රංශ විවෘත තරගාවලියේ පළමු වටයේදීම පරාජයට පත්වී ආපසු ගෙදර ගිය කොස්ලෝවා අන්තර් ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු තිස්දෙනා අතර සිටින ක්‍රීඩිකාවක් පරාජයට පත් කළේ සිය ජීවිතයේ පළමු වතාවටය. 


- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...