. කේරි විදුහල ඉනිමක ජයක් ලබයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 09 වැනි ඉරිදා
කේරි විදුහල ඉනිමක ජයක් ලබයි
2018-05-31 22:03:09 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණක ජයක් වාර්තා කිරීමට කේරි විදුහල සමත් විය.

කේරි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ විරංග යේෂාන් ලකුණු 37 කට කඩුලු 9 ක් දවාගැනීමට සමත් වූ අතර එහිදී දිනුර වනිගසේකර (50) අර්ධ ශතකයක් ලබාගත්තේය.

සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 81
(උමේෂ් උදාර 21, විරංග යේෂාන් 6/3, අබ්දුල් බාෂිත් 7/3)

කේරි විදුහල් පළමු ඉනිම - ඕවර 31.3 කදී සියලු දෙනා දැවී 136
(දිනුර වනිගසේකර 50, මොහොමඞ් නබීන් 33, අවිෂ්ක මලිත් 38/6, ඔමේෂ් උදාර 26/3)

සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම -  ඕවර 25 කදී සියලු දෙනා දැවී 54
(විරංග ඒෂාන් 31/6, දිනුර වනිගසේකර 7/2, ඩෙනැම් මිලර් 11/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
නවසීලන්තය කඩුලු 7 කට 229 යි...
2018-12-03 20:00:03
පාකිස්තානයට එරෙහිව ඩුබායිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පන්ද...