. දික්වැල්ලගෙන් පසු පෙළට තල්ලුවක් | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
දික්වැල්ලගෙන් පසු පෙළට තල්ලුවක්
2018-06-01 12:24:03 | .

 

කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අර්ධ ශතක ලබාගත් නමුත් ලකුණු 28 ක් ඇතුළත මැද පෙළ පිතිකරුවන් හයදෙනකු දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීම හේතුවෙන් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ට්‍රිනිඩෑඞ්හිදී පැවැත්වෙන තුන්දින තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම හිස ඔසවාගෙන සිටියේය.  ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 428 ට පිළිතුරු වශයෙන් දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාගේ පිලට ලබාගත හැකිව තිබුණේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් පමණි. 

තරෝබාහි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී සත්කාරක කණ්ඩායම තවත් ලකුණු 223 ක් පසුපසින් සිටී. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ජෝන් කැම්බෙල් (62) සහ කිරන් පවෙල් සමත් වූ නමුත් කැම්බල් දැවී යන විට පවෙල් ලබා සිටියේ ලකුණු 34 ක් පමණි. ෂෙමාර් බෲක්ස් සමග එක්ව පවෙල් ඉදිරියට ගියද සියල්ල වෙනස්වූයේ ඇන්ජලෝ මැතිව්ස් විසින් කිරන් පවෙල් දුවද්දී දවාැනීමෙනි. 

පන්දුව අහුළා ගත් මැතිව්ස් එය කඩුල්ලට දමාගැසීමත් අකිල ධනංජය විසින් ජමාර් හැමිල්ටන් දවාගැනීමත් අතර කෙදෙව් පිතිකරුවෝ හය දෙනෙක් එකා පසුපස එකා ආපසු ක්‍රීඩාගාරයට ගියහ. පසුව රකීම් කොන්වෝල් සහ ජොමෙල් වැරිකන් දෙදෙනා එක්ව ලකුණු 200 න් එපිටට තම පිල කැඳවාගෙන ගිය නමුත් මේ වන විට ඉතිරිව ඇත්තේ කොදෙව් සභාපතිගේ පිලේ පසුපෙළ පිතිකරුවන් පමණි. 

තරගයේ විසඳුම කෙසේ වෙතත් මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීම නිසා කලකට පසුව ක්‍රිකට් පිටියට බට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක යෙදීමේ අවස්ථාව ලැබිණ. 

ශතකයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් පළමු දිනයේ පුවත්පත් ශීර්ෂ පාඨ සැරසූ නමුත් දෙවැනි දිනයේදී වැඩිදෙනාගේ අවධානය දිනාගත්තේ නිරෝෂන් දික්වැල්ලයි. පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ කොදෙව් පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් දික්වැල්ල පන්දු 117 කදී ලකුණු 74 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කරමිනි. 

කඩුලු 4 බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි කඩුලු රකින්නා, නිරෝෂන් දික්වැල්ල, සිය යුතුකම කදිමට ඉටුකරමින් පසුපෙළ පිතිකරුවන් වූ අකිල ධනංජය සහ ළහිරු ගමගේ සමග එක්ව අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400 කඩයිමෙන් එපිටට කැඳවාගෙන ගියේය. ටෙස්ට් තරගාවලියකට සහාගිවීමට පොරතුව පැවැත්වෙන  පළමු පුහුණු තරගයේ පළමු ඉනිමේදීම ලකුණු 400 සීමාව ඉක්මවා යාම සංචාරක කණ්ඩායමේ පිතිකරුවන්ගේ හිත සුව පිණිස වන්නකි. 

කොදෙව් පන්දු යවන්නන් අතර යන්තමින් හෝ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වූයේ වමතින් දඟ පන්දු යවන ජොමෙල් වැරිකන් පමණි. ලකුණු 81 කට කඩුලු 4 ක් දවාගත් වැරිකන්ට මනා සහයක් දුන් රකීම් කොන්වෝල් කඩුලු 3 ක් දවාගත්තේය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...