. තරග 4 ක් වැස්සට සේදී යයි | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
තරග 4 ක් වැස්සට සේදී යයි
2018-06-02 19:29:02 | .

’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස යටතේ ඊයේ (5 වැනිදා) පැවැති තරග4 ක් වර්ෂාව නිසා ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මොරටුව ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල සහ කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමත්, කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ මීගමුව ලොයෝලා විදුහල් කණ්ඩායමත්, කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායමත්, කොළඹ වෙස්ලි විදුහල් ‘බී‘ කන්ඩායම සහ මතුගම ආනන්ද සාස්ත්‍රාලය යන කන්ඩායම් අතර පැවති තරගයන්ට එළෙස වර්ෂාවෙන් බාධා එල්ල විය.

  • ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල සහ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී

ශ්‍රී චන්ද්‍රසේකර මහ විදුහල පළමු ඉනිම - ඕවර 24 කදී එක් කඩුල්ලක් දැවී 116
(දුමිදු මිහිදුකුලසූරිය නොදැවී 48, සඳක ප්‍රනාන්දු නොදැවී 46)

  • ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ ලොයෙලා විදුහල් ‘ඒ’ කණ්ඩායම අතර ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී

ශාන්ත ජෝශප් විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලු දෙනා දැවී 158
(හරිත තියදාස නොදැවී 44, තෙවින් පුංචිහේවා 20, නෙත්ම හිමරංග 4/52, හංසජ විශ්වජිත් 3/27, ශමින් නොනිස් 3/33)
ලොයෙලා විදුහල් ‘ඒ’ පළමු ඉනිම - ඕවර 3.5 කදී කඩුලු 2 කට 23

  • තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී

තර්ස්ටන් විදුහල් ‘බී’ පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 6 කට 118
(උදීප එදිරිසිංහ නොදැවී 29, දිනෙත්මින් පෙරේරා 29, තරූෂ විදානපතිරණ 2/29)

  • වෙස්ලි විදුහල් ‘බී‘ කණ්ඩායම සහ මතුගම ආනන්ද සාස්ත්‍රාල කණ්ඩායම අතර වෙස්ලි ක්‍රීඩාංගණයේදී

වෙස්ලි විදුහල් ‘බී‘ පළමු ඉනිම - ඕවර 3.3 කදී කිසිවෙකු නොදැවී ලකුණු 21

 

-024

 

 

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
එංගලන්ත නායකයාට තරග තහනමක්...
2019-05-15 19:11:52
පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර 2 ක් අඩුවෙන් යැවීම හේ...