. පළමු අදියරේදී මහනුවර පෙරමුණ ගනී | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
පළමු අදියරේදී මහනුවර පෙරමුණ ගනී
2018-06-03 21:23:01 | සමීර ගොඩපිටිය

ලකුණු 26-5 ලෙස පොලිස් කණ්ඩායම පරාජයට පත්කල මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ’කුසලාන ශූරතාව දිනාගත්තේය. තරගාවලියේ පළමු වටය ඊයේ සහ අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණ.

කුසලාන ශූරතාවලියේ  අවසන් පූර්ව වටයේ පැවති තරගයන්හිදී පොලිසියේ ‘ඒ’ කණ්ඩායම විසින්  ලකුණු 17-12 ලෙස නාවික හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදි. අනෙක් අවසන් පූර්ව තරගයේදී සී. එච්. සහ එෆ්. සී කණ්ඩායම ලකුණු 26-21 ලෙස පරාජයට පත්කල මහනුවර ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

කුසලාන ශූරතා අවසන් තරගයේ ආරම්භයේ සිටම පොලීසිය කණ්ඩායමට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් නොදුන් මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් ලබාගත් අතර එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් තරගයට අවතීර්ණ විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 7-0 ලෙස පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩා සමාජය දෙවන අර්ධය ආරම්භ වී විනාඩි කිහිපයක් යාමට මත්තෙන් නැවතත් උත්සාහක දිනුමක් ප්‍රවර්තනය කරමින් ලකුණු 14-0 ලෙස පෙරමුණ ලබා ගත්තේය. මහනුවර කණ්ඩායම ලකුණු 21 ලබා  සිටියදී පොලිසියේ පළමු උත්සාහක දිනුම වාර්තා වුවත් එවිටම ජයග්‍රහණයේ වැඩි බර මහනුවර කණ්ඩායම සතු වී තිබිණ.

අවසන් මිනිත්තුවේදී පවා තරගය අත් නොහළ මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ අවසානය පෙනි පෙනීත් උත්සාහක දිනුමක් ලබා ලකුණු 26-5 ලෙස තරගය අවසන් කළේය.

ලකුණු 29-7 ක් ලෙස නාවික හමුදා ‘සී’ කණ්ඩායම පරාජයට පත්කළ ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම පළිහ ශූරතාවයේ පෙරමුණ ලබා ගනිද්දි, බඳුන ශූරතාවයේ පෙරමුණ ගැනීමට පොලිස් ‘බී’ කණ්ඩායමට හැකි විය. ඔවුන් හමුවේ ලකුණු 19-14 ලෙස පරාජයට පත් වූයේ සී.එච්. සහ එෆ්.සී ‘බී’ කණ්ඩායමයි.

කොළඹ ඊගල්ස් කණ්ඩායම පරාජයට පත්කළ ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පළඟ ශූරතාවයේ පෙරමුණ ලබා ගනිද්දී, යුද හමුදාව පරාජයට පත්කළ නාවික හමුදා කණ්ඩායම එම අංශයේම පෙරමුණ ගත්තේය.

කුසලාන ශූරතාව

අවසන් මහ තරගය
මහනුවර ක්‍රීඩා සමාජය විසින් ලකුණු 26-5 ලෙස පොලිසියේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරමින් කුසලාන ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග   
පොලිසියේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 17-12 ලෙස ගුවන් හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම විසින් ලකුණු 26-21 ලෙස සී.එච් සහ එෆ්.සී ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.

පළිහ ශූරතාව

අවසන් මහ තරගය
ගුවන් හමුදාවේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 29-7 ලෙස නාවික හමුදාවේ ‘සී’ කණ්ඩායම පරාජයට පත් කරමින් පළිහ ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග   
ගුවන් හමුදාවේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 36-12 ලෙස ගාල්ල ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරන ලදී.
නාවික හමුදාවේ ‘සී’ කණ්ඩායම තරගයකින් තොරවම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

බදුන ශූරතාව

අවසන් මහ තරගය
පොලිසියේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 19-14 ලෙස සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම පරාජයට පත් කරමින් බදුන ශූරතාව දිනා ගත්තේය.
අවසන් පූර්ව තරග   
පොලිසියේ ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 21-15 ලෙස යුද හමුදාවේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
සී.එච් සහ එෆ්.සී ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 33-7 ලෙස පීටර්සන් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.

පළඟ ශූරතාව

අවසන් මහ තරගය
නාවිකා හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 22-19 ලෙස යුද හමුදාවේ ‘ඒ’ කණ්ඩායම පරාජයට පත් කරමින් පළඟ ශූරතාව දිනා ගත්තේය.  
අවසන් පූර්ව තරග   
නාවිකා හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 24-12 ලෙස හැව්ලොක් ක්‍රීඩා සමාජය පරාජය කරන ලදී.
යුද හමුදාවේ ‘ඒ’ කණ්ඩායම විසින් ලකුණු 29-5  ලෙස නාවික හමුදාවේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...