. ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය 9-10 | කෙළිමඬල
2019 පෙබරවාරි මස 22 වැනි සිකුරාදා
ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය 9-10
2018-06-05 12:46:48 | .

 

කොළඹ රාජකීය විද්‍යාලීය වොලිබෝල් උපදේශන සහ කළමනාකරණ කමිටුව සංවිධානය කරන බස්නාහිර පළාත් ආරාධිත පාසල් වොලිබෝල් තරගාවලිය මේ මස 9 සහ 10 යන දෙදින තුළ කොළඹ 07 රීඞ් මාවතේ පිහිටි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ රාජකීය විද්‍යාලීය ආදි ශිෂය සංගමයයි. 

තරගාවලියේ සමාරම්භක උළෙල 9 වැනිදා පෙරවරු 8.30 ට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය 10 වැනිදා පෙරවරු 10.30 සිට පැවැත්වේ. 

මෙම තරගාවලියේදී බාලක අංශය සඳහා අවුරුදු 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ යන වයස් කාණ්ඩ 4 යටතේ තරග පැවැත්වෙන අතර බාලිකා අංශය සඳහා අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ තරග පැවැත්වේ. තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් 50 ක කණ්ඩායම් 100 ක් පමණ සහභාගිවීමට නියමිතය. 

තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා දිවයිනේ ඉහළ පෙලේ විනිසුරුවරුන් සහභාගි වන අතර ජයග්‍රාහකයන්ට සමාප්ති උළෙලේදී ශූරතා කුසලාන පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙනු ඇත. විශිෂ්ඨම ක්‍රීඩකයාට සහ හොඳම පන්දු පිරිනමන්නාට ආදී ලෙස විශේෂ සම්මාන රැසක්ද එහිදී ප්‍රදානය කිරීමට නියමිතය. 

-036 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...