. ලක්මාල් - ළහිරු කදිම ආරම්භයක | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 16 වැනි අගහරුවාදා
ලක්මාල් - ළහිරු කදිම ආරම්භයක
2018-06-06 23:45:39 | .

සෝබර්ස් - තිසේරා කුසලාන තරගාවලියට කදිම ආරම්භයක් දුන් සුරංග ලක්මාල් කොදෙව් ඉනිම ආරම්භයේදීම දුන්නේ මරු පහරකි. නිසි ඉලක්කයකින් තොරව පන්දු යවමින් සිටි ළහිරු කුමාර වරින් වර පන්දුව ඉබාගාතේ පතිත කළ නමුත් දිවා ආහාරයට ඔන්න මෙන්න කියා තිබියදී යැවූ අගනා පන්දුවකින් කිරන් පවෙල් පිටියෙන් ඉවත් කළේ තවත් දුවද්දී දවාගැනීමකට දායක වෙමිනි.

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී අද (6 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දින දිවා ආහාරය වන විට කොදෙව් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 99 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිල පළමුවෙන්ම පන්දුවට පහරදීම තෝරාගත් නමුත් එහි වාසිය උකහා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව්වන්ට අවසර නොදුන්හ.

පළමු කඩුල්ලත් තුන්වැනි කඩුල්ලත් අතරේ වාර්තා වූ ලකුණු 76 න් වැඩි කොටසකට හිමිකම් කී කිරන් පවෙල් පන්දු 67 කින් ලකුණු 38 ක් ලබාගත්තේ කොදෙව්වන්ගේ ධෛර්යය වැඩි කරමිනි. ෂායි හෝප් තරමක් ආක්‍රමණශීලී වූවත් දිවා ආහාරය දක්වා කඩුල්ල රැකගැනීමට ප්‍රවේසම් විය. දිගින් දිගටම ඉලක්කයකින් තොරව පන්දු යවමින් සිටි ළහිරු කුමාරගේ පන්දුවක් හදිසියේම කඩුල්ල තුළට කඩාවැදුණේ පවෙල්ගේ පා ඉන්න ගලවා වීසි කරමිනි.

සුරංග ලක්මාල් පළමු ඕවරයේ සිටම නව පන්දුව මනා ලෙස පාලනය කරගනිමින් පන්දු යැවූ අතර ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ට එරෙහිව විවිධ ආනති නිර්මාණය කළේය. වරෙක ඊට අනුගත විය නොහැකි වූ බ්‍රැත්වෙයිට් කඩුලු රකින්නාට උඩපන්දුවක් දී දැවී යන විට ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 4 ක් පමණි.  දකුණට පැන්න නිරෝෂන් දික්වැල්ල විසින් බ්‍රැත්වෙයිට්ගේ උඩපන්දුව රැකගන්නා ලද්දේ පළමු ස්ලිප් ක්‍රීඩකයා ඉදිරියෙනි.

කොදෙව් පිලට බරපතළම හානිය කළේ ළහිරු කුමාරයි. මිඞ් විකට්හි පන්දු රකිමින් සිටි ළහිරු කුමාර පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රමාදයක් බලා සැණෙකින් ක්‍රියාත්මක වූ හෙයින් ඩෙවොන් ස්මිත් ලකුණු 40 දී දැවී ගියේය. එම කඩුල්ල ඒ අවස්ථාවේදී කොදෙව්වන් කිසි සේත්ම අපේක්‍ෂා කළ එකක් නොවේ. තමන්ගේ සීමාව වෙත පැන්නා නම් ඇතැම් විට ස්මිත්ට සිය කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට අවස්ථාව තිබුණත් ඔහු ඒ වෙත සෙමින් දිවගියේය.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව්  - පළමු ඉනිම

ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ.දික්වැල්ල ප.ලක්මාල්    3
ඩෙවොන් ස්මිත්  - දුවද්දී දැවී ගියා     7
කිරන් පවෙල්  - ප.ළහිරු කුමාර     38
ෂායි හෝප්  - නොදැවී     29
රොස්ටන් චේස්  - නොදැවී     11
අතිරේක -     12
එකතුව (ඕවර 27.2 කදී කඩුලු 3 ක් දැවී )    99
කඩුලු වැටීම :
1-04(බ්‍රැත්වෙයිට්), 2-40(ස්මිත්), 3-80(කිරන් පවෙල්)
පන්දු යැවීම :
සුරංග ලක්මාල්  : 7-3-20-1, ළහිරු ගමගේ : 7-1-22-0, ඩිල්රුවන් පෙරේරා : 2-0-06-0, ළහිරු කුමාර : 6-0-30-1, රංගන හේරත් : 4-0-17-0

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
පළමු එක්දින තරගය වැස්සට සේදෙයි...
2018-10-10 20:20:00
  සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාව ...
බිලාල් - අබ්බාස් ඕස්ට්‍රේලියාව අසරණ කරති...
2018-10-09 22:03:29
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ...
පළමු තරගය හැරවුම් ලක්ෂයක් වේවි - චන්දිමාල්...
2018-10-09 15:48:26
ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...