. මවුන්ටන් පාපැදි තරග කුඩාඔයෙන් ඇරඹෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
මවුන්ටන් පාපැදි තරග කුඩාඔයෙන් ඇරඹෙයි
2018-06-07 20:40:52 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා ස්පෝට්ර්ස්රයිසන් සංචාරක නියෝජිත ආයතනය එක්ව සංවිධානය කරන ‘රම්බල් ඉන් ද ජංගල්’ ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි තරගය මේ මස 9 වැනිදා කුඩාඔයෙන් ආරම්භ වේ. මෙම තරගය 9 වැනිදා සිට 15 වැනිදා දක්වා දිවයිනේ මධ්‍යම කඳුකරයේ දිස්ත්‍රික්ක 4 ක් ආවරණය වන පරිදි පැවැත්වේ.

‘රම්බල් ඉන් ද ජංගල්’ මවුන්ටන් පාපැදි තරගාවලිය එංගලන්තයේ පිල් එවන්ස් මහතා විසින් ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිවුවැනි අවස්ථාව මෙයයි. මෙවර තරගාවලිය සඳහා ඕස්ටේ්‍රලියාව, නෙදර්ලන්තය, එංගලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජපානය, නවසීලන්තය සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 39 දෙනෙක් සහභාගි වී සිටිති.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 5 දෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක්ද මෙවර තරගාවලියට එක්ව සිටිති. ශ්‍රී ලංකා පාපැදි සංගමයේ අනුමැතිය මත මවුන්ටන් පාපැදි සංගමය විසින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මෙවර තරගාවලිය අදියර 5 කින් සමන්විත වන අතර එහි පළමු අදියරේදී කුඩාඔය සිට හපුතලේ දක්වා කිලෝ මීටර 77 ක දුරක්ද, දෙවැනි අදියරේදී හපුතලේ සිට ලිප්ටන් තේ වතුයාය දක්වා කිලෝ මීටර 57 ක දුරක්ද, තෙවැනි අදියරේදී කළුපහන සිට නුවරඑළිය දක්වා කිලෝ මීටර 66 ක දුරක්ද ගමන් කිරීමට තරගකරුවන්ට සිදුවනු ඇත.

නුවරඑළිය නගරයෙන් ආරම්භ වන සිවුවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 100 ක දුරක් ගෙවා මහියංගනයට පැමිණීමට සිදුවන අතර පස්වැනි අදියරේදී මහියංගනයේ සිට හෙට්ටිපොල දක්වා කිලෝ මීටර් 55 ක දුරක් පැමිණීමෙන් තරගාවලිය නිමාවට පත්වේ. එදින පසුවරුවේ දඹුල්ල නගරයේදී තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වේ.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර බෙදා දීමට නියමිත මුලු මුදල ඇමරිකානු ඩොලර් 20,000 ක් වන අතර පළමු ස්ථානය දිනාගන්නා ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ඇමරිකානු ඩොලර් 5,000 ක බැගින් වූ මුදල් ත්‍යාගයන් පිරිනැමේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අටක් (800,000) පමණ වේ.

තරගාවලියේ මුල් ස්ථාන 5 වෙනුවෙන්ද මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමෙන අතර තරගාවලියට සහභාගි වන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම සහතිකපත් සහ සිහිවටන පිරිනැමීමටද සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...