. සචින්ගේ පුත් අර්ජුන් ශ්‍රී ලංකාවට එයි | කෙළිමඬල
2018 ජූනි මස 20 වැනි බදාදා
සචින්ගේ පුත් අර්ජුන් ශ්‍රී ලංකාවට එයි
2018-06-07 20:59:18 | ...

ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතවීමට නියමිත ඉන්දීය වයස 19 න් පහළ ක්‍රිකට් සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට හිටපු ඉන්දීය පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාර් සමත්ව සිටී. එහෙත් අර්ජුන් තෙන්ඩුල්කාර් සිය පියා මෙන් පිතිකරුවකු නොව වමතින් වේග පන්දු යවන්නෙකි.

පසුගිය වසරේ පැවැති කූච් බෙහාර් කුසලාන සඳහා මුම්බායි වසය 19 න් පහළ කණ්ඩායම නියෝජනය කර කඩුලු 18 ක් දවාගනිමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් වමතින් වේගපන්දු යවන අර්ජුන් තෙන්ඩුල්කාර්ට ඉන්දීය වයස 19 න් පහළ ක්‍රිකට් සංචිතයේ ස්ථානයක් හිමිවීමට ප්‍රමාණවත් විය.

ක්‍රිකට් පුහුණු දැළ තුලදී ජාත්‍යන්තර මට්ටමේ පිතිකරුවන්ටත් පන්දුයවා ඇති අර්ජුන් පසුගිය වසරේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයට පෙර පැවැති පුහුණු සැසියකදී යවන ලද යෝකර් පන්දුවක් හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ ආබාධයකට ලක්විය.

සිවුදින තරග දෙක සඳහා නම්කරන ලද සංචිතයට පමණක් අර්ජුන් තෙන්ඩුල්කාර් නම්කර ඇති අතර එම තරග දෙක අනුජ් රාවට් විසින් මෙහෙයවනු ලබයි.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය මෙහෙයවීමේ වගකීම ආර්යන් ජුයාල් හට හිමිවී ඇත. එහෙත් අර්ජුන් තෙන්ඩුල්කාර්ට එක්දින තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැතැයි කියැවේ.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව පසු පාදයේ ඇරඹුමක...
2018-06-13 19:08:48
පළමු තරගයේදී ලද ඛේදජනක පරාජයෙන් පසුව දෙවැනි තරගයේදී හිස ඔසවන්නේ කෙසේද යන්න සිතමින් සිටි ශ්‍රී ලංකා පිලට වැදුණේ තවත් මරු පහරකි. දෙවැනි ...
මැතිව්ස් - ගමගේ ආපසු එති...
2018-06-13 11:32:59
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ...
පන්දුව මාරු කිරීමෙන් අනපේක්ෂිත අර්බුදයක්...
2018-06-16 22:16:33
පන්දුව පළුඳු කිරීම පිළිබඳ සැකයක් සහ පන්දුව මාරු කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩ...
රුසියාවට ගෝල 5-0 ක දැවැන්ත ජයක්...
2018-06-14 23:13:26
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන්ම සෞදි අරාබියට එරෙහිව ගෝල 5-0 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක රුසියා...