. “රාම් රත්නවෙල් අනුස්මරණ” අවසන් මහ තරග අද සිට | කෙළිමඬල
2018 අගෝස්තු මස 17 වැනි සිකුරාදා
“රාම් රත්නවෙල් අනුස්මරණ” අවසන් මහ තරග අද සිට
2018-06-11 16:51:11 | .

වෙළඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “රාම්  රත්නවෙල් අනුස්මරණ” තරගාවලියේ අවසන් මහ තරග අද (11වැනිදා) සිට 14 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේදිරිස්  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ මස අවසානයේ ආරම්භ වන දකුණු ආසියා කලාපීය පැසිපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සහභාගී වීම හේතුවෙන් මෙවර තරගාවලියෙන් ‘ඒ ’ කාණ්ඩයේ පිරිමි තරගය ඉවත් කිරීමට සංවිධායකවරු තීරණය කර ඇත.

ජෝන් කීල්ස් හා කැන්රිච් මූල්‍ය ආයතනය “බී” කාණ්ඩයෙනුත්, රනවනා ආරක්ෂක කණ්ඩායම හා සෙලාන් බැංකුව “සී” කාණ්ඩයෙනුත්, වර්තුසා සහ එච්.එස්.බී.සී. “ඩී” කාණ්ඩයෙන් මෙවර පිරිමි අංශයෙන් අවසන් මහා තරගවලට සහභාගි වනු ඇත.

කාන්තා අංශයෙන් හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම “ඒ” කාණ්ඩයෙනුත්, මාස් හෝල්ඩින් සහ ඬේවිඞ් පීරීස් මෝටර් සමාගම යන කණ්ඩායම් “බී” කාණ්ඩයෙනුත් අවසන් මහා තරයේදී තරග වදිනු ඇත.

මෙවර තරගාවලියේදී පිරිමි කාණ්ඩ 5 ක් සඳහා කණ්ඩායම් 29ක් ඉදිරිපත් වූ අතර කාන්තා අංශයෙන් මෙවර ඉදිරිපත් වී ඇත්තේ කණ්ඩායම් 5ක් පමණි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී පිරිමි ශූරතා දිනාගත්තේ කොමර්ෂල් ක්‍රෙඩිට් “ඒ” කණ්ඩායම, ඩයලොග් ආසියාටා කණ්ඩායම, කොමර්ෂල් ක්‍රෙඩිට් “බී” කණ්ඩායම, සොෆ්ට්ලොජික් හෝල්ඩින් කණ්ඩායම සහ යූනියන් බැංකු කණ්ඩායම පිළිවෙලින් “ඒ” “බී” “සී” “ඩී” හා “ඊ” යන කාණ්ඩවලිනි.

හැටන් නැෂනල් බැංකුව සහ එන්.ඩී.බී. කාන්තා කණ්ඩායම් පිළිවෙලින් “ඒ” හා “බී” කාණ්ඩවලින් ගියවර ශූරියෝ බවට පත් වූහ.


තරග කාල සටහන

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...
චන්දිමාල් කණ්ඩායමේ දොරටුව අබියස...
2018-08-13 19:05:48
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී හෙට (14 වැනිදා) පැවැත්වෙන විස්සයි20 තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍ර...