. බ්‍රිතාන්‍ය පාසලට විශිෂ්ට ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 16 වැනි බ‍්‍රහස්පතින්දා
බ්‍රිතාන්‍ය පාසලට විශිෂ්ට ජයක්
2018-06-11 19:00:19 | .

’සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කාණ්ඩයේ පැවති තරගයකදී, ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 482 විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල පෙරේදා (9) සමත් විය. මෙම තරගය රාජගිරිය ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ  වාසිය දිනාගත් විද්‍යා විදුහල පළමුවෙන් පන්දුවට පහර දීමට බි්‍රතාන්‍ය පාසලට ආරධනා කළේය. බි්‍රතාන්‍ය පාසල් පිල ඕවර 48 කදී කඩුලු 5ක් දැවී ලකුණු 531ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ප්‍රද්යුන් සිකියා නොදැවී ලකුණු 300 ක් රැස් කරද්දී, ඔහුට මනා සහයක් ලබාදුන් රාහුල් රදීෂ් ලකුණු 125 ක් රැස් කළේය.
 
ලකුණු 532ක දැවැන්ත ඉලක්කය හඹායාමට පිටියට පිවිසි විද්‍යා විදුහලට ඕවර 28.4 කදී සියලු දෙනා දැවී  ලබාගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බි්‍රතාන්‍ය පාසලේ තිෂාන් ධනංජය, කවිඳු සුබසිංහ සහ තරිඳු නානායක්කාර කඩුලු 2 බැගින් බිඳහෙලූහ.  


බ්‍රිතාන්‍ය පාසල - ඕවර 48 කදී කඩුලු 5කට ලකුණු 531
(ප්‍රද්යුන් සිකියා නොදැවී 300, රාහුලු රදීෂ් 125, සල්මන් අක්බාර් අලී 65, ඉෂාර මධුෂංක 81/3)

විද්‍යා විදුහල - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 49
(තිෂාන් ධනංජය 03/2, කවිදු සුබසිංහ 07/2, තරිඳු නානායක්කාර 09/2)

 

- 024

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...
චන්දිමාල් ශ්‍රී ලංකාව ජයටැඹ කරා ගෙනයයි...
2018-08-14 20:09:14
ඉතා තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි2...