. රාජසිංහ මැදි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
රාජසිංහ මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-06-12 16:24:57 | .

’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති  තරගයකදී, රත්මලාන කොතලාවලපුර මහා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (12) සමත් විය. මෙම තරගය රාජසිංහ මහා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

කාසියේ වාසිය දිනාගත් රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට කොතලාවපුර මහා විදුහලට ආරාධනා කර සිටි අතර එහිදී ඕවර 30කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142 පමණි.
 
පළමු ඉනිම ඇරඹූ රාජසිංහ මධ්‍ය විද්‍යාලය ඕවර 38කදී කඩුලු 7කට ලකුණු 237 රැස් කරමින් ඉනිම අත්හිටුවන ලැබීය. හසිත් නිම්නෙත් ලකුණු 77ක් සහ සසිත සඳකැලුම් ලකුණු 54 ක් ලබා රාජසිංහ විදුහලේ ලකුණු පුවරුව ඉහළ දැමූහ. 

දෙවනි ඉනිම ඇරඹූ කොතලාවලපුර විදුහල් කණ්ඩායමට ඕවර 33.1 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 153 පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාජසිංහ විදුහලේ කසුන් සාම්පුර ඉනිම් දෙකේදී ලකුණු 71කට කඩුලු 7ක් බිද හෙලමින් දක්ෂතා දැක්වීය. 

කොතලාවලපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 30කදී සියලු දෙනාදැවී ලකුණු 142 
(ඩබ්.එච් මදුෂංක 48, ජී.ඩී.එස් හර්ෂ 28, කසුන් සාම්පුර 46/3 ) 

ශ්‍රී රාජසිංහ මධ්‍ය විද්‍යාල පළමු ඉනිම - ඕවර 38කදී කඩුලු 7කට ලකුණු 232 
(සසිත සඳකැලුම් 54, හසිත් නිම්නෙත් 77, එච්. සිත්රුවන් 36/3 ) 

කොතලාවලපුර මහ විදුහල් දෙවනි ඉනිම - ඕවර 33.1කදී සියලු දෙනා දැවී ලකුණු 153 
(කසුන් සාම්පුර 25/4, ගයන්ත සංදීප 33/2 ) 

024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...