. පැසිපන්දු පුහුණු කඳවුර ආනන්ද විදුහලේදී | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා
පැසිපන්දු පුහුණු කඳවුර ආනන්ද විදුහලේදී
2018-06-13 19:05:04 | .

කොළඹ ආනන්ද විදුහලේ පැසිපන්දු පුහුණු සංචිතය සංවිධානය කරන වාර්ෂික පැසිපන්දු පුහුණු කඳවුර හෙට (15 වැනිදා) සිට ලබන 17 වැනිදා දක්වා විදුහලේ පැසිපන්දු පුහුණු ක්‍රීඩා ඒකකයේදී පැවැත්වේ.

පැසිපන්දු ක්‍රීඩාවේ නිරතවන ආනන්ද විදුහලේ ක්‍රීඩකයන් 200 ක් පමණ මෙම පුහුණු කඳවුරට සහභාගි වීමට නියමිත අතර පැසිපන්දු ක්‍රීඩාව පිළිබඳ ඔවුන්ගේ දැනුම, අවබෝධය, උනන්දුව ඉහළ නැංවීමේ සහ තරගකාරීත්වය වර්ධනය කිරීමේ අරමුණින් පුහුණු කඳවුර සංවිධානය කෙරේ.

මෙම පුහුණු කඳවුරේ ආරාධිත උපදේශකයන් ලෙස දැනට විදෙස් රටවල පුහුණුකරුවන් ලෙස සේවය කරන සුපුන් විමල් (මාලදිවයින) සහ දිල්නුවන් විජේසිංහ (ඩුබායි) යන ආදි ආනන්දියයෝ කටයුතු කරති.

ක්‍රීඩාවේ නව ප්‍රවීනතා සහ නව තාක්ෂණය පිළිබඳව න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවක් පුහුණු කඳවුරට සහභාගිවන ක්‍රීඩකයන්ට ලබාදීමට නියමිත අතර ඒ සඳහා දැනට පාසලේ පැසිපන්දු සංචිතය බාරව කටයුතු කරන උපදේශකයන් වන බුද්ධික කුමුදප්පෙරුම, කෙවිඳු සමරසේකර සහ චතුරංග යන මහත්වරුන්ගේ මඟපෙන්වීමද ලැබෙනු ඇත.

ආනන්ද විදුහලේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ දෙමාපිය පිරිසක් විසින් මෙම පුහුණු කඳවුර සම්බන්ධීකරණය කරනු ලබයි.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී...
2018-10-20 10:13:07
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්...
ශ්‍රී ලංකාව පරාජයෙන් බේරීමේ මං සොයයි...
2018-10-19 17:58:44
මේ වන විට තරග 2 ක් පරාජය වී ඇති බැවින් කෙසේ හෝ ඉතිරි තරග 2 ජයගනිමින් එංගලන්තයට  එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය 2-2 ක් ලෙස සම තත්වයට...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...