. සමාරම්භක තරගය අද පස්වරු 8.30 ට | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
සමාරම්භක තරගය අද පස්වරු 8.30 ට
2018-06-14 16:04:47 | .

තනි ක්‍රීඩාවක් සඳහා ලෝකයේ පැවැත්වෙන විශාලතම තරගාවලිය වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක රුසියාව, සවුදි අරාබියට එරෙහිව අද (14 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් පස්වරු 6.00 ට ආරම්භවේ. 

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 8 යටතේ කණ්ඩායම් 32 ක් සහභාගී වන අතර රුසියාවේ ප්‍රධාන නගර 11 ක් මූලික කරගනිමින් ක්‍රීඩාංගණ 12 කදී තරගාවලිය පැවැත්වේ. තරගාවලියට ඇතුළත්ව ඇති සමස්ත තරග සංඛ්‍යාව 64 කි. 

අද තරගය පැවැත්වෙන ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 81000 කට ආසන්න සංඛ්‍යාවකට තරග නැරඹීමේ හැකියාව පවති. ඉගෝර් අකින්ෆීව් මෙවර රුසියානු කණ්ඩායම මෙහෙයවන අතර ඔසමා හව්සාවි සවුදි අරාබි කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. 

රුසියානු සංචිතය 
ඉගෝර් අකින්ෆීව් (නායක), මාරියෝ ෆර්නෑන්ඩිස්, ෆෙඩෝර් කුඩි්‍රයාෂෝව්, සර්ජි ඉග්නැෂිවිච්, යූරී ශිර්කෝව්, රොමාන් සොබ්නින්, ඩැලර් කුසියේව්, ඇලන් සැගෝව්, ඇලෙක්සැන්ඩර් සැමිඩෝව්, ඇලෙක්සැන්ඩර් ගොලෝවින්, ෆෙඩෝර් ස්මොලොව් 

සවුදි අරාබි සංචිතය 
උසාමා හුසාවි (නායක), අබ්දුල්ලා අල් මයුෆ්, ඔමාර් හොසාවි,  යසීර් අල් ශහ්රානි, මොහොමඞ් අල් බරික්, අබ්දුල්ලා ඔටිෆ්, සල්මන් අල් ෆරාජ්, යහයා අල් ෂිහාරි, ටයිසීර් අල් ජැස්සිම්, සලීම් අල් දොසාරි, ෆහඞ් අල් මොලාද් 

-024

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...