. ‘සී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව සෙලාන් බැංකුවට | කෙළිමඬල
2018 ජූනි මස 24 වැනි ඉරිදා
‘සී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව සෙලාන් බැංකුවට
2018-06-14 21:10:41 | ශානුක අරවින්ද

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය 12 වැනි වරටත් සංවිධානය කරන ‘රාම් රත්නවෙල් අනුස්මරණ කුසලාන’ වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු කණ්ඩායම සමත් විය.

තිඹිරිගස්යාය, හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු ක්‍රීඩාගංණයේදී පැවැති අවසන් මහ තරගයේදී රණවන කණ්ඩායමට එරෙහිව ලකුණු 75-73 ක තියුණු ජයක් වාර්තා කරමින් සෙලාන් බැංකු ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 38-34 ක් ලෙස  සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 4 ක් ඉදිරියෙන් සිටි නමුත් දෙවැනි අර්ධය නිමාවන විට එම පරතරය ලකුණු 2 දක්වා අඩුකර ගැනීමට රණවන කණ්ඩායමට හැකි විය.

අවසන් මහ තරගයේදී සෙලාන් බැංකු කණ්ඩායම වෙනුවෙන් ඩියෝන් මුතුකුමාරණ සහ ගයාන් සමරවීර ලකුණු 19 බැගින්ද, නවීන් බණ්ඩාර සහ ධනංජය පොල්කොටුව ලකුණු 16 බැගින්ද රැස්කළ අතර රණවන කණ්ඩායම වෙනුවෙන් ඩිලාන් පෙරේරා ලකුණු 18 ක්ද, සමීර සඳරුවන් ලකුණු 17 ක්ද රැස්කළහ.

සෙලාන් බැංකු කණ්ඩායමේ ඩියෝන් මුතුකුමාරණ අවසන් තරගයේ වීරයා ලෙසත්, එම කණ්ඩායමේම නවීන් බණ්ඩාර ‘සී’ කාණ්ඩයේ  වටිනාම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ.

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්...
2018-06-19 20:41:20
වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකය...
ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල අඩියක...
2018-06-22 14:46:32
පන්දුවේ ස්භාවය වෙනස් කිරීමට උත්සාහ ගත්තේ යැයි චෝදනා ලැබ තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් බාර්බඩෝස් හිදී...
ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියෝ...
2018-06-20 20:23:27
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදී සිටින රටවල් 9 අතර ටෙස්ට් ශූරතාවලියක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පිය...
චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා...
2018-06-17 17:37:31
කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කළේ යැයි ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්&z...