. ජනාධිපති කුසලාන තරග හෙට ඇරඹෙයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ජනාධිපති කුසලාන තරග හෙට ඇරඹෙයි
2018-06-15 18:55:42 | සමීර ගොඩපිටිය


ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීම යටතේ පවත්වනු ලබන ‘ජනාධිපති කුසලාන’ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (16 වැනිදා) ආරම්භ වේ. ලීග් තරගාවලියක් අවසානයේ පාසල් රග්බි ක්ෂේත්‍රයේ පැවැත්වෙන ඉහළම තරගාවලිය ලෙස ජනාධිපති කුසලාන තරගාවලිය පෙන්වා දිය හැකිය.

මෙවර ජනාධිපති කුසලාන තරගාවලිය සඳහා ලීග් තරගාවලියේදී ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 8ක් මේ වන විට තෝරගෙන අවසන්ය. මීට සහභාගී වන කණ්ඩායම් 8 ක්‍රම දෙකක් ඔස්සේ තෝරාගෙන ඇත. ලීග් තරගාවලියේ කුසලාන කොටසේ පැවැති තරගවලදී ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 6 ක් සහ පළඟ කොටසේ ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් 2 ක් මෙවර ජනාධිපති කුසලානය සඳහා සහභාගී වෙති.

ශාන්ත ජෝශප්, ශාන්ත පීතර, ඉසිපතන, කිංග්ස්වුඞ්, ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත අන්තෝනි සහ මලියදේව යන විදුහල් මෙවර ජනාධිපති කුසලාන සඳහා තරග වදිනු ලැබේ.

බඳුන සහ පළිහ කොටසේ ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම් වන තර්ස්ටන්, ශාන්ත බෙනඩික්, මහානාම, ආනන්ද, පාදුක්ක සිරි පියරතන, මහනුවර ශ්‍රී සුමංගල හා නාලන්දා යන විදුහල්, අගමැති කුසලානය සඳහා තරග වදිති.

දෙවන වටයේ කුසලාන සහ පළඟ කොටසේ ඉහළ දස්කම් දැක්වූ පාසල් වන මොරටුව, මාතලේ ශාන්ත තෝමස්, නුගවෙල, තල්දුව සහ පානදුර සුමංගල යන විදුහල් මෙම තරගාවලියේ සභාපති කුසලානය සඳහා තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මේ වනවිට තරගාවලි 33 ක් පවත්වා ඇති අතර එයින් තරගාවලි 10 කම ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්ව ඇත. ශාන්ත පීතර හා ශාන්ත තෝමස් විදුහල් අවස්ථා 5 බැගින් ශූරතා දිනාගනිද්දී, අවස්ථා 4 කදී කිංග්ස්වුඞ් විදුහල ශූරයන් බවට පත් වී ඇත. ත්‍රිත්ව හා රාජකීය විදුහල් අවස්ථා 3කදී ජනාධිපති ශූරතාවය දිනා ඇත. තර්ස්ටන්, වෙස්ලි හා ශාන්ත ජෝශප් විදුහල් එක් අවස්ථාක් බැගින් මෙම ශූරතාවයට හිමිකම් කීය.

වසර 26 ක් පුරා මෙම තරගාවලිය සඳහා පූර්ණ දායකත්වය දක්වන නෙස්ලේ ලංකා සමාගම පසුගිය වසරේ ජනාධිපති කුසලාන අවසන් තරගය රාත්‍රී විදුලි ආලෝක මධ්‍යයේ කොළඹ තුරඟ තරග පිටියේදී පවත්වන ලදී.
මෙවර අවසන් මහා තරගය මේ මස 30 වැනිදා ප.ව 6.00 තුරඟ තරග පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත
.

 

අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාල සටහන

ජනාධිපති කුසලාන
දිනය තරගය ස්ථානය වේලාව
ජුනි 16 ශාන්ත ජෝශප් විද්‍යාලය හා මලියදේව විද්‍යාලය  සුගතදාස ක්‍රීඩාංගණයේදී  ප.ව 4.15
ජුනි 17  කිංග්ස්වුඞ් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය  නිත්තවෙලදී ප.ව 4.15
ජුනි 18 ඉසිපතන විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය  සුගතදාස ක්‍රීඩාංගණයේදී ප.ව 4.15
ජුනි 18 ශාන්ත පීතර විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය  තුරඟ තරග පිටියේදී ප.ව 4.15
 
අගමැති කුසලාන තරග
දිනය තරගය ස්ථානය වේලාව
  තර්ස්ටන් විද්‍යාලයට නිතරග ජයක්     
ජුනි 17 ශාන්ත බෙනඩික් විද්‍යාලය හා මහානාම විද්‍යාලය  සුගතදාස ක්‍රීඩාංගණයේදී  ප.ව 4.15
ජුනි 18 ආනන්ද විද්‍යාලය හා පියරතන මධ්‍ය මහා විද්‍යාලය සුගතදාස ක්‍රීඩාංගණයේදී  ප.ව 2.15
ජුනි 18 මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය  තුරඟ තරග පිටියේදී ප.ව 2.15
 
සභාපති කුසලාන තරග
දිනය  තරගය ස්ථානය වේලාව
  මොරටුව මහා විද්‍යාලයට නිතරග ජයක්    
ජුනි 17 තල්දූව බෞද්ධ විද්‍යාලය හා පානදුර සුමංගල විද්‍යාලය සුගතදාස ක්‍රීඩාංගණයේදී ප.ව 2.15
  නුගවෙල විද්‍යාලයට නිතරග ජයක්     
  මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට නිතරග ජයක්     

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...