. බස්නාහිර උතුර - දකුණ පෙරමුණට | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
බස්නාහිර උතුර - දකුණ පෙරමුණට
2018-06-17 12:15:53 | රොෂාන් ගුණරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තරග 10 ක් අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු 12 ක් ලබාගත් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙනුත් ප්‍රසාද ලකුණු 10 ක් ලබාගත් බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙනුත් පෙරමුණ ගැනීමට සමත්විය.

බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම තරග 3 කට සහභාගිවී ඉන් තරග 2 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. ජයගත් තරග 2 දී අතිරේක ප්‍රසාද ලකුණු 2 ක් හිමිකර ගැනීමටද බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත්විය. වයඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු 7 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

තරග 2 කට සහභාගීවූ බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම එම තරග දෙකම ජයගනිමින් අතිරේක ප්‍රසාද ලකුණු 2 ද හිමිකර ගැනීමට සමත්විය. දැනට එක් තරගයකට පමණක් සහභාගීවී ඇති බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම එම තරගය අතිරේක ප්‍රසාද ලකුණත් සමගින් ජයගැනීමට සමත්විය. බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සහ දකුණු පළාත් කණ්ඩායම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමිකර ගැනීමට සමත්වුවද දළ ලකුණු ලබාගැනීමේ වේගය මත බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...