. ශා. ජෝශප් විදුහල අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
ශා. ජෝශප් විදුහල අවසන් පූර්ව වටයට
2018-06-17 14:46:28 | සමීර ගොඩපිටිය

ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පැවති තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 45-17 ක ජයක් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ඊයේ (16 වැනිදා) සමත් විය. මෙම තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.


පසුගිය වසරේ ශූරයන් බවට පත්වූ ශාන්ත ජෝශප් කණ්ඩායම උත්සාහක දිනුම් 7කුත්, ප්‍රවර්තන 5කුත් සමගින් මෙම තරගය පහසුවෙන්ම ජය ගනිද්දී, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුම් 3ක් සමගින් එක් ප්‍රවර්තනයක් පමණි.

ජෝශප් විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ උදීෂ පෙරේරා පළමු උත්සාහක දිනුම ලබාගත් අතර සන්තුෂ් අල්ගම විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය.

නැවතත් 13 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලයේ සංජු හේරත් පළමු උත්සාහක දිනුම ලබා ජෝශප්වරුන්ට කරටකර තරගයක් දුන්නේය. ඉෂාර හේරත් ප්‍රවර්තනය සාර්ථක කර ගනිද්දී, ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ ලකුණු 7-7 ලෙසිනි.

නැවතත් 20 වැනි මිනිත්තුවේදී ජෝන් ගනේගොඩ ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කළ සන්තුෂ් අල්ගම ලකුණු 14-7 ක් ලෙස කණ්ඩායම පෙරමුණේ තැබීමට සමත් විය. තරගයේ වැඩි වාසිය ලබාගත් ජෝශප් කණ්ඩායම ලකුණු 28-7 ක් ලෙස පළමු භාගය අවසන් කළේය.

නැවතත් දෙවන භාගයේ පන්දුව ලබාගත් ජෝශප් විද්‍යාලයේ ජෝන් ගනේගොඩ සිය දෙවන උත්සාහක දිනුමද ලබා ලකුණු අතර පරතරය ක්‍රමයෙන් වැඩි කරමින් මලියදේවයන්ට තරගයට අවතීර්ණ වීමට තිබූ අවස්ථාව අවහිර කරන ලදි. ගනේගොඩගේ උත්සාහක දිනුම සහ සන්තුෂ් අල්ගමගේ ප්‍රවර්තනය හමුවේ ලකුණු 33-7 ක් ලෙස ජෝශප්වරු පෙරමුණ ගත්හ.

තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී නැවතත් ක්‍රියාත්මක වූ මලියදේව විද්‍යාලයේ ඩිල්ෂාන් අතපත්තු උත්සාහක දිනුමක් ලබා ගනිමික් එහි ප්‍රවර්තන අවස්ථාව ඉෂාර හේරත්ට ලබාදෙන ලදී. එය සාර්ථක කරගත් ඉෂාර, අවසන් මොහොතේ ලකුණු 17 දක්වා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහළ දැමුවේය. නමුත් ලකුණු 45-17 ක් ලෙස තරගය අවසන් කළ ශාන්ත ජෝශප් විද්‍යාලය මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.


ශාන්ත ජෝශප් විද්‍යාලය 45 යි.
උත්සාහක දිනුම් 7 : ජෝන් ගනේගොඩ (2), තරිඳු මධුරංග (2), උදීෂ පෙරේරා (1), ගැමුණු චේතිය (1), නෙපහාන් පෙරේරා (1)
ප්‍රවර්තන : සන්තුෂ් අල්ගම (5)

මලියදේව විද්‍යාලය 17 යි.
උත්සාහක දිනුම් 3 : සංජු හේරත් (2), ඩිල්ෂාන් අතපත්තු (1)
ප්‍රවර්තන : ඉෂාර හේරත් (1)

ඡායාරූප - ඉෂාන් සංජීව

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...