. පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානය හෙට | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානය හෙට
2018-06-19 20:45:36 | .

ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 39 වැනි අදියරේ සම්මාන ප්‍රදානෝත්සවය ලබන හෙට (20 වැනිදා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම සම්මාන උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 264 දෙනෙක් අතරේ සම්මාන 53 ක් බෙදා දීමට නියමිතය. සමස්ත ලංකා, නැගී එන සහ බාලිකා යන කාණ්ඩ 3 යටතේ කේවල සහ කණ්ඩායම් වශයෙන් ඔවුන් දැක්වූ දක්ෂතා එහිදී ඇගයීමට ලක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධියා ලෙස සහභාගි වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, පාසල් ක්‍රිකට් සංගමයේ ඩයලොග් සමාගමේ සහ විජය පුවත්පත් සමාගමේ නිලධාරීන් රැසක්ද ඊට සහභාගි වීමට නියමිතය.

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...