. සෙනගල් කණ්ඩායම පළමු ජය ලබයි | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
සෙනගල් කණ්ඩායම පළමු ජය ලබයි
2018-06-20 00:21:32 | ....

වසර 16කට පසු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගත් සෙනගල් කණ්ඩායම මෙවර සහභාගී වූ පළමු තරගයෙන්ම පෝලන්තයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලැබීමට අද (19) සමත් විය. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ  මෙම තරගය රුසියාවේ ස්පාටාක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

තරගයේ 37 වැනි මිනිත්තුවේදී පෝලන්තයේ තියාගෝ ක්ලොනෙක් සිය පන්දුව තමන්ගේම දැල වෙත දමා ගැනීම නිසා තරග ආරම්භයේදීම සෙනගල් කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කරදුන්නේය. පළමු භාගයේ අවස්ථා කිහිපයකදීම පෝලන්තය ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළත් එයට සෙනගල් දැල රකින්නාගෙන් අවස්ථාවක් හිමි නොවීය. 

ගෝල 1-0 ලෙස පළමු භාගයේ පෙරමුණ ලබාගත් සෙනගලය නැවතත්  60 වැනි මිනිත්තුවේදී තරගයේ තීරණාත්මක දෙවන ගෝලයද වාර්තා කරමින් තරගයට අවතීර්ණ විය. එහිදී සෙනගල් ක්‍රීඩක ම්බයෝ නියාග් හුදකලාව රැගෙන ආ පන්දුව ගෝල සීමාව ආසන්නයේදී පෝලන්ත දැල රකින්නාගෙන් මඟ හැරීම නිසා පහසුවෙන්ම පන්දුව දැල තුළට යොමු කරමින් එවර ගෝලය ලබා ගත්තේය. 

සෙනගල් කණ්ඩාමය ගෝල 2-0 ලෙස පෙරමුණ ලබාගනිමින් ජයග්‍රහණය කරා යනවිට, තරගයේ 86 වැනි මිනිත්තුවේදී පෝලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමට ග්‍රෙගෝස් ක්‍රිචෝවියැක්ට හැකියාව ලැබිණ.  නමුත් ඒ වනවිටත් ජයග්‍රහණයේ වැඩි ගෞරවය සෙනගල් කණ්ඩායම වෙත හැරී තිබුණි. එවිට තරගය නිමා වීමට ඉතුරුව තිබුනේ  මිනිත්තු 4 ක් පමණි.  ලබාදුන් අමතරව කාලයේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කිරීමට පෝලන්තය ඉතා වෙහෙසක් දැරුවද, සෙනගල් කණ්ඩායම උපායශීලී පිළිවෙතක් අනුගමනය කරමින් පන්දුව කීප වතාවක්ම පිටියෙන්ම එපිටතට යොමු කරමින් වැඩි කාලයක් ඒ සඳහා යොදවනු ලැබීය. 

මෙවර තරගාවලියට සහභාගී වූ රටවල් අතරින් අප්‍රිකානු රටක් ජයගත් පළමු තරගය ලෙස මෙය සටහන් වූ අතර, සෙනගල් කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ම්බයෝ නියාග් තරගයේ වීරයා ලෙස නම් කෙරිණ.

පෝලන්තය 1974 සහ 1982 යන වර්ෂයන්හිදී, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්තානය දිනාගෙන ඇති මුත්, ඔවුන්ද මෙවර ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත්තේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි. අද (19) පස්වරුවේ කොළොම්බියාවට එරෙහිව පැවති තරගය ගෝල 2-1 කින් ජයගත් ජපානයද ‘එච්’ කාණ්ඩයෙන් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබාගැනීම සඳහා ජපානය සහ සෙනගලය අතර තරගය දැඩි තරගකාරීත්වයක් ගනු ඇත. 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...