. කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය ඉරිදා වැලිසරදී | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
කොළඹ සුපර්ක්‍රොස් තරගාවලිය ඉරිදා වැලිසරදී
2018-06-21 12:41:03 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවැනි වරටත් සංවිධානය කරන ‘කොළඹ සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 24 වැනිදා පෙරවරු 9.00 සිට වැලිසර නාවික හමුදා ධාවන පථයේදී පැවැත්වේ. 

‘හච් සුපර් සීරීස්’තරගමාලාවේ දෙවැනි තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය ඉසව් 24 කින් සමන්විත වන අතර ඊට මෝටර් රථ ඉසව් 14 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් ඇතුළත් වේ. එහිදී මෝටර් රථ රියැදුරන් 122 ක් සහ යතුරුපැදිකරුවන් 135 ක් තරග වැදීමට නියමිතය. 

ඉකුත් වසරේ පැවැති සමාරම්භක ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලියේදී දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ශානුක සඳරුවන්ද සම්මාන දිනාගත්හ. 

තරගමාලාවේ පළමු අදියර ලෙස පැවැති ෆොක්ස්හීල් සුපර්ක්‍රොස් තරගාවලියේදී මෝටර් රථ ශූරයා බවට පත්වූ අශාන් සිල්වා සහ යතුරුපැදි ශූරයා බවට පත්වූ ඉෂාන් දසනායක ‘කොළඹ සුපර්ක්‍රොස්’ තරගාවලිය ආරම්භවන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. 

කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය, කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලිය, කමාන්ඩෝ අභියෝග තරගාවලිය සහ පන්නල දිවා-රාත්‍රී තරගාවලිය මෙම තරගමාලාව යටතේ ඉදිරියේදී පැවැත්විමට නියමිත තරගාවලි වේ. තරගමාලාව අවසානයේ වැඩිම ලකුණු ලබාගන්නා මෝටර් රථ රියැදුරාට සහ යතුරුපැදිකරුවාට නවීන මෝටර් රථ දෙකක් පිරිනැමේ. 

 

 

ඡායාරූප - ශානුක අරවින්ද  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...