.jpg)



.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සහ බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සමත්විය. අවසන් තරගය සී.සී.සී ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.
මූලික වටය අවසන් වනවිට ප්‍රසාද ලකුණු 17 ක් ලබාගත් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙනුත් ප්‍රසාද ලකුණු 18 ක් ලබාගත් බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම ‘බී’ කාණ්ඩයෙනුත් පෙරමුණ ගැනීමට සමත්විය.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම තරග 4 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්වී ඇත. ජයගත් තරග 3 දීම අතිරේක ප්‍රසාද ලකුණු 3 ක් හිමිකර ගැනීමටද බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත්විය.
තරග 4 කට සහභාගීවූ බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම තරග හතරම ජයගනිමින් අතිරේක ප්‍රසාද ලකුණු 2 ක්ද හිමිකර ගැනීමට සමත්විය.
උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත් කණ්ඩායම් තරග 4 කට ක්‍රීඩා කළද එක් තරගයක් හෝ ජයගැනීමට ඔවුන් අසමත්වූහ.