. පාසල් වොලිබෝල් ජාතික තරග 14 දා සිට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
පාසල් වොලිබෝල් ජාතික තරග 14 දා සිට
2018-06-27 17:13:52 | නාමල් පතිරගේ


අන්තර් පාසල් ඩී.එස්.අයි. කුසලාන වොලිබෝල් තරග මාලාවේ ජාතික තරග වටය ලබන මස 14 වැනිදා මාදම්පේ සේනානායක මැදි විදුහල් පිටියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. එම තරග එදින සිට ජූලි 14, 15, 16, 21, 22, 23, 24 යන දිනවලදී මාදම්පේ සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’ට පැවසුවේ, එහිදී එකකින් කණ්ඩායම් 100 ක් බැගින් වයස් කාණ්ඩ පහකින් (බාලක සහ බාලිකා) දිස්ත්‍රික් ශූරයන් හා අනු ශූරයන් බවට පත්ව සිටින කණ්ඩායම් 500 ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වන බවයි.

ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් ඩී.එස්.අයි. පාවහන් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 18 වැනි වතාවටත් මෙම තරගාවලිය සංවිධානය කරයි.

තරග මාලාවේ අවසන් මහ තරග අගෝස්තු 3 සහ 4 යන දිනවල මහරගම තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සියලුම අවසන් මහ තරග සජීවීව රූපවාහිනියෙන් විකාශය කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ.එස්. නාලක මහතා වැඩිදුරටත් පැවසීය.

ජූලි 14, 15, 16 යන දිනවල වයස 11න් පහළ හා 13න් පහළ බාලක හා බාලිකා ජාතික තරග වටය පැවැත්වේ.  ජූලි 21, 22, 23, 24 යන දිනවල වයස 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ බාලක හා බාලිකා ජාතික තරග වටයේ තරග පැවැත්වීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...