. ආධුනික ශූරයාට ලක්ෂයක් | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
ආධුනික ශූරයාට ලක්ෂයක්
2018-06-28 17:00:43 | නාමල් පතිරගේ

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මෙහෙයවන ශ්‍රී ලංකා ආධුනික අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය ලබන සෙනසුරාදා (30 වැනිදා) පෙරවරු 8.30 සිට ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එදින උදෑසන 8.30 ට මූලික වටයේ තරග පැවැත්වෙන අතර අවසන් මහා තරග පස්වරු 4.30 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

බර පංතීන් රැසකින් සමන්විත මෙවර ආධුනික කායවර්ධන තරගාවලියේ ශූරයාට රුපියල් ලක්ෂයක්ද දෙවැනි ස්ථානයට හා තෙවැනි ස්ථානයට පිළිවෙලින් රුපියල් 75,000ක් සහ 50,000 ක්ද ප්‍රදානය කෙරේ.

කිලෝග්‍රෑම් 70 ට වැඩි හා කිලෝග්‍රෑම් 70 ට අඩු පරිදි බර පංතීන් දෙකකින් සමන්විත ආධුනික වයස 21 න් පහළ කනිෂ්ඨ ඉසව්ද තරගාවලියට ඇතුළත් වේ.  

කිලෝග්‍රෑම් 55, 60, 65, 70, 75, 80, 85, 90, 95 හා 100 ට වැඩි පරිදි එහිදී ඉසව් පැවැත්වේ. බර පංතීන් ජයග්‍රාහකයන් අතරේ තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන අතර එහි ජයග්‍රාහකයා 2018 ජාතික ආධුනික අයෝමය ශූරයා ලෙස රුපියල් ලක්ෂයේ ත්‍යාගය සමග කුසලාන හිමිකර ගැනීමේ අවස්ථාව උදාකර ගනියි.

ජාතික ආධුනික තරගාවලියට සහභාගි විය හැක්කේ ජාතික මට්ටමේ වෙනත් කායවර්ධන තරගවලදී පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන මීට පෙර දිනා නොගත් ක්‍රීඩකයන්ට පමණි. කෙසේ වුවත් පළාත් හෝ දිස්ත්‍රික් තරග ජයග්‍රාහකයන්ට මෙම තරගාවලියට සහභාගි වීමේ බාධාවක් නැතැයි ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු මහතා පැවැසීය.

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...