. ජර්මනියේ ඇද වැටීම | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
ජර්මනියේ ඇද වැටීම
2018-06-28 19:03:00 | ...

මෙතෙක් පවත්වා ඇති පාපන්දු ලෝක කුසලාන තරගාවලි 21 න් 17 කදීම ඉහළම දක්ෂතා දැක්වීමට සමත්වූ ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසිවී යාමට සිදුවීම පිළිබඳ සැවොම විමතියට පත්ව සිටිති. මෙවර ‘එෆ්’ කාණ්ඩයෙන් තරගවැදි ජර්මනිය සහභාගී වූ තරග 3 න් තරගයක් පමණක් ජයගත් අතර සෙසු තරග දෙකම පරාජයට පත්වීම නිසා ‘එෆ් ’ කාණ්ඩයේ අවසානය තෙක් පහළ බැසීමට සිදු විය. 

මෙතෙක් පවත්වා ඇති ලෝක කුසලාන තරගාවලි අතරින් වැඩිම වාර ගණනක් ලෝක කුසලානයේ හිමිකරුවන් බවට පත් වී ඇත්තේ බ්‍රසීලයයි. බ්‍රසීලය පස් වතාවක් ලෝක කුසලානය තමන් සතු කරගනිද්දී, ඔවුන් හා කරට කර සෑම තරගාවලියක කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ජර්මනිය සිව් වතාවක්ම ලෝක කුසලානය ජයග්‍රහණය කිරිමට සමත් වී ඇත. 

අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ පූර්ණ දායකත්වයෙන් 1930 වර්ෂයේ පවත්වනු ලැබූ සමාරම්භක ලෝක කුසලාන තරගාවලිය සඳහා මූල්‍යයම හේතුවක් මත සහභාගී වීමට ජර්මනියට හැකියාව නෙැලැබිණ. නැවතත් 1950 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම තහනම් කිරිමත් සමග ජර්මනියට මෙම ලෝක කුසලාන තරගාවලි දෙකම මගහැරී ගිය නමුත් 1954 වර්ෂයේ සිට 2014 වර්ෂය තෙක් පැවති ලෝක කුසලාන තරගාවලි සියල්ලෙහිම අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට තරම් ජර්මනියේ පාපන්දු ක්‍රීඩාව ඉතාම ඉහළ තලයක තිබිණ. 

1930 සිට ලෝක කුසලාන තරගවලදී ජර්මනිය අත්කරගත් ස්ථාන

1930  - සහභාගී නොවීය 

1934  - තෙවන ස්ථානය 

1938  - පළමු වටය දක්වා පමණි 

1950  - සහභාගී නොවීය 

1954  - කුසලානය 

1958  - සිව්වන ස්ථානය 

1962  - අර්ධ අවසන් පූර්ව වටය

1966  - අනුශූරතාව 

1970  - තෙවන ස්ථානය 

1974  - කුසලානය 

1978  - අර්ධ අවසන් පූර්ව වටය 

1982  - අනුශූරතාව 

1986  - අනුශූරතාව 

1990  - කුසලානය 

1994  - අර්ධ අවසන් පූර්ව වටය 

1998  - අර්ධ අවසන් පූර්ව වටය 

2002  - අනුශූරතාවය 

2006  - තෙවන ස්ථානය 

2010  - තෙවන ස්ථානය 

2014  - කුසලානය 

2018  - පළමු වටය තෙක් 

 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...