. යෙරී මිනාගේ ගෝලයෙන් කොලොම්බියාව අවසන් 16ට | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
යෙරී මිනාගේ ගෝලයෙන් කොලොම්බියාව අවසන් 16ට
2018-06-28 23:32:45 | ...

කොළොම්බියාවේ යෙරී මිනා 79 වැනි මිනිත්තුවේදී ලබාගත් ගෝලයත් සමගින් අවසන් මොහොතේ සෙනගල් කණ්ඩායම තරගාවලියෙන් එළියට ඇද දමමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළොම්බියාව අද (28) සමත් විය. ‘එච්’ කාණ්ඩයේ තරගයක් වූ මෙය රුසියාවේ සමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.  

මෙම තරගය ආරම්භ වීමට පෙර සිටම දෙපිළටම අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව පැවති අතර ප්‍රසාද ලකුණු 4ක් සමගින් සෙනගලය දෙවන ස්ථානයේත්, ප්‍රසාද ලකුණු 3ක් සමගින් කොළොම්බියාව තෙවන ස්ථානයේ පසුවිය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුනේ පසුවූ ජපානයද පෝලන්තයට එරෙහිව අද තරගය පරාජය වීමත් සමග ඔවුන්ද පහළට ඇද දමමින් කොළොම්බියාව ‘එච්’ කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් විය. 

මෙම ජයග්‍රහණයත් සමග ලෝක කුසලාන තරගයකදී කොළොම්බියාව අවසන් 16 දෙනාගේ වටයට තේරිපත් වූ තෙවන අවස්ථාව බවටද පත්විය. ‘එච්’ කාණ්ඩයේ වැඩි ගෞරවය ලබා සිටි ජපානය සහ සෙනගලය පළමු වටයේ අවසන් තරගය පරාජයට පත්වීම නිසා අවසන් මොහොතේ කවුරුත්  නොසිතූ කොළොම්බියාව සියල්ල පසු කරමින් කොලොම්බියාවට නව බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. 

මෙවර තරගාවලියේ ‘එච්’ කාණ්ඩයේ ආරම්භක තරගයම ජපානය හමුවේ ගෝල 2-1 කින් පරාජයට පත්වීමට කොළොම්බියාවට සිදුවිය. එහෙත් පෝලන්තයට එරෙහිව පැවති තරගය ගෝල 3-0 කින් ජය ගැනීම නිසා නැවතත් තරගාවලියේ රැදී සිටීමට කොළොම්බියාවට වාසනාව ලැබිණ. අද පැවති තරගය කණ්ඩායම් ද්විත්වයටම තීරණාත්මක තරගය බවට පත් වුවද, වැඩි දෙනාගේ අදහස වූයේ මුල් තරග දෙකම දක්ෂ අයුරින් ක්‍රීඩා කළ සෙනගලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇති බවය. 

ජපානයද අවසන් මොහොතේ පෝලන්තය හමුවේ පරාජයට පත්වීම නිසා සෙනගලය සහ ජපානය ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබා අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වන්නේ කවුරුන්ද යන්න බලා සිටීමට සිදුවිය. ඒ අනුව සහභාගී වූ තරග තුනේදීම කණ්ඩායම් දෙකම ලැබූ ජයග්‍රහණ, ලැබූ පරාජ, ලැබූ ගෝල සහ දුන් ගෝල යන සියල්ල සමවීම නිසා අවම කහ කාඞ්පත් ප්‍රමාණයක් ලබාගත් කන්ඩායමට 16 දෙනාගේ වටයට ප්‍රවිශ්ට වීමට අවස්ථාව උදා කර දුන්නේය. එහිදී සෙනගලය කහ කාඞ්පත් 6ක් ලබා සිටි අතර ජපානය ලබා තිබුණේ කහ කාඞ්පත් 4ක් වීම නිසා සෙනගලයේ සියලුම බලාපොරොත්තු බිඳ දමමින් ජපානයට 16 දෙනාගේ වටයට සේන්දු වීමට අවස්ථාව හිමි විය. 

සෙනගල් කණ්ඩායමේ සියලුම බලාපොරොත්තු සැනින් අවසන් කරමින් අවසන් 16 දෙනාගේ වටයට සේන්දු වීමට අවස්ථාව උදාකරදුන් කොළොම්බියාවේ යෙරී මිනා තරගයේ වීරයා ලෙස නම් කෙරිණ. 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...