. කහ කාඞ්පත් පිහිටෙන් ජපානය අවසන් 16 ට එක්වෙයි | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
කහ කාඞ්පත් පිහිටෙන් ජපානය අවසන් 16 ට එක්වෙයි
2018-06-29 00:07:02 | ...

තරගාවලිය පුරා මෙතෙක් සහභාගී වූ තරගවලදී  අවම කහ කාඞ්පත් ප්‍රමාණයක් ලබා සිටීම හේතුවෙන් ‘එච්’ කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ජපානය අද (28) සමත් විය. මෙවර අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වූ එකම ආසියාතික රට වන්නේද ජපානයයි. 

ජපානයට එරෙහිව අද පැවති තරගය ගෝල 1-0 ලෙස ජය ගැනීමට පෝලන්තය සමත් වුවද, මින් පෙර සහභාගී වූ මුල් තරග දෙකම පරාජයට පත්වීම නිසා තරගාවලිය ආරම්භයේදීම ලෝක කුසලානයට තිත තැබීමට පෝලන්තයට සිදුවිය. 

ගෝල 2-1 කින් කොළොම්බියාව පරාජය කරමින් මෙවර තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත් ජපානය සෙනගලයට එරෙහි තරගය ගෝල 2-2 කින් සමකර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට බලාපොරොත්තු තබාගත් අතර සෙනගලයට එරෙහි තරගය කොළොම්බියාව අද ජය ගැනීම නිසා ජපානයට අවසන් මොහොතේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා විය. 

එහිදී සෙනගලය සහ ජපානය ලැබූ ජයග්‍රහණ, පරාජ, ලැබූ ගෝල සහ දුන් ගෝල යන සියලුම සාධක සමාන වීම නිසා මෙතෙක් සහභාගී වූ තරග වලදී ලබා තිබූ කහ කාඞ්පත් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් 16 දෙනාගෙ වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම තේරීමට සංවිධායකයන්ට සිදුවිය. එහිදී සෙනගලය කහ කාඞ්පත් 6 ක් ලබා සිටි අතර ජපානය ලබා සිටියේ කහ කාඞ්පත් 4ක් පමණි. 

මෙවර තරගාවලිය සඳහා ආසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් තරගාවලිය නියෝජනය කිරීමට අවස්තාව උදාකර ගත්තද, ජපානය හැර සෙසු රටවල් 4 ටම වේලාසනින්ම තරගාවලියෙන්  ඉවත් වීමට සිදුවිය. ‘ඒ ’ කාන්ඩයෙන් තරග වැදි සෞදි අරාබියට සහභාගී වූ තරග ත්‍රිත්වයෙන්ම ජයගතහැකි වූයේ එක් තරගයක් පමණි. . ‘බී ’ කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ ඉරානයටද පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඔවුන්ටද  සහභාගී වූ තරග 3 න් ජයගතහැකි වූයේ එක් තරගයක් පමණි. පෘතුගාලයට එරෙහි තරගය ගෝල 1-1 කින් සමකර ගනු ලැබුවද, ස්පාඤ්ඤය සමගින් පැවති තරගය ගෝල 1-0 කින් පරාජය විය. ඒ අනුව ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමිවිය. ආසියාව නියෝජනය කරමින් ක්‍රීඩාකළ ඕස්ටේ්‍රලියාවද මෙවර පළමු වටයෙන්ම ඉවත් වූ අතර කොරියාවද පළමු වටයෙන්ම ඉවත් විය. 

පළමු වටයේ සියලු තරග අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර 16 දෙනාගේ වටයේ තරග මේ මස 30 වැනිදා සිට නැවතත් පැවැත්වීමට නියමිතය. 

 

- 024

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...