. ගනර් සුපර්ක්‍රොස් ජූලි 29 දා මින්නේරියේදී | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
ගනර් සුපර්ක්‍රොස් ජූලි 29 දා මින්නේරියේදී
2018-06-29 11:52:06 | ශානුක අරවින්ද

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 13 වැනි වරටත් සංවිධානය කරන ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ජූලි මස 29 වැනිදා පෙරවරු 9.00 සිට මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගනු ලබන ඉසව්ද සමගින් ඉසව් 24 කින් සමන්විත වන මෙම තරගාවලියට යතුරුපැදි තරග සහ මෝටර් රථ තරග 12 බැගින් ඇතුළත් වේ.

දිවයිනේ සිටින ප්‍රමුඛ පෙළේ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන්ද ඇතුළුව  තරගකරුවන් 150 ක් පමණ මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර තරගකාරියන්  දෙදෙනෙක්ද ඊට ඇතුළත්ව සිටිති.

ඉකුත් වසරේ (2017) පැවැති තරගාවලියේදී දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අශාන් සිල්වාද සම්මාන දිනාගත්හ.

මෙතෙක් පැවැති ‘ගනර් සුපර්ක්‍රොස්’ තරගාවලි 12 දී වැඩිම වාර ගණනක් (2004, 2005, 2006, 2007, 2013 සහ 2017 යන වසරවලදී) දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනා ගෙන තිබේ. වැඩිම වාර ගණනක් (2012, 2013, 2014 සහ 2015 වසරවලදී) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනා ඇත්තේ අරවින්ද ප්‍රේමදාසය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් සමාගම කටයුතු කරන අතර සියැට්, ටී.වී.එස්. බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම, ජෝන් කීල්ස් සහ පී.එල්.සී. යන සමාගම් එහි සම අනුග්‍රහකයෝ ලෙස කටයුතු කරති.  

යුද්ධයේදී ආබාධිත තත්වයන්ට පත් වූ සහ දැනට සේවයේ නිරතව සිටින කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම මෙම තරගාවලියේ අරමුණ බව සංවිධායකයෝ පවසති.

 

ඡායාරූප  - ශානුක අරවින්ද

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...