. කැරම් තේරීම් කමිටු සභාපති ඩඩ්ලි ගුණවර්ධන | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
කැරම් තේරීම් කමිටු සභාපති ඩඩ්ලි ගුණවර්ධන
2018-06-29 13:09:33 | .

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබූ සාමාජිකයින් පස් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කැරම් ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩඞ්ලි ගුණවර්ධන මහතා නම් කර තිබේ. ෂර්ලි ද සිල්වා, සුනන්ද කෝදාගොඩ, ජේ.එන්. අබේවර්ධන සහ වසන්ත වික්‍රමසිංහ යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති. 

 

මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය කළමනාකාරවරයකු වන ඩඞ්ලි ගුණවර්ධන මහතා ඉතා දිගු කළක සිට කැරම් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, වසර කීපයක්ම ජාතික කනිෂ්ට කැරම් ශූරතාවද දිනාගෙන ඇති ප්‍රවීන කැරම් ක්‍රීඩකයකු සහ කැරම් විනිසුරුවරයකුද වේ.

ෂර්ලි ද සිල්වා මහතා සෙලාන් බැංකුවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වන අතර, මින් පෙර ඔහු තේරීම් කමිටු සභාපතිවරයෙකුද ලෙස කටයුතු කර ඇත. මහජන බැංකුවේ හිටපු නියෝජ්‍ය කළමනාකාරවරයෙකු වන සුනන්ද කෝදාගොඩ මහතා වසර අටකට අධික කාලයක් ජනසතු සේවා කැරම් සංගමයේ ප්‍රධාන ලේකම් ලෙසද, ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ විධායක සභිකයෙකු ලෙසද කටයුතු කර ඇත. ප්‍රවීන කැරම් විනිසුරුවරයෙකු වන ඔහු කැරම් සම්මේලනයේ මාධ්‍ය නිළධාරියා ලෙසද කටයුතු කරයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ගිණුම් ලිපිකරුවෙකු ලෙස සේවය කළ ජේ.එන්. අබේවර්ධන මහතා හිටපු ජාතික කැරම් ශූරයෙකු වන අතර ඔහු ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ජාතික පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත. රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ වසන්ත වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවා කැරම් ශූරතා දිනාගත් ප්‍රවීණ කැරම් ක්‍රීඩකයෙකි.

-036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...