. ජෝශප් - පීතර අවසන් මහ තරගය හෙට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා
ජෝශප් - පීතර අවසන් මහ තරගය හෙට
2018-06-29 18:29:46 | සමීර ගොඩපිටිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ප්‍රධානත්වයෙන් සහ නෙස්ලේ ලංකා සමාගමේ (මයිලෝ) පූර්ණ දායකත්වයෙන් පවත්වනු ලබන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශාන්ත පීතර සහ ශාන්ත ජෝශප් විදුහල් අතර අවසන් මහ තරගය හෙට (30) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 45-17 කින් ජයගත් ශාන්ත ජෝශප්  විද්‍යාලය, අවසන් පූර්ව වටයේදී ලකුණු 23-10 කින් මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයද පරාජයට පත්කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ශාන්ත පීතර විද්‍යාලයද, අර්ධ අවසන් පූර්ව වටයේදී ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 39-12 කින් පරාජය කරනු ලැබීය. අවසන් පූර්ව වටයේදී ලකුණු 23-13 කින් කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජයට පත්කරමින් ශාන්ත පීතර විද්‍යාලය අවසන් මහ තරගයට ප්‍රවිශ්ට විය.

මෙතෙක් පවත්වා ඇති තරගාවලි 33න් අවස්ථා 10කදීම කොළඹ ඉසිපතන විද්‍යාලය ශූරයන් බවට පත්වෙද්දී, ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අවස්ථා 5 බැගින් ශූරතාවය දිනා ඇත. මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ශාන්ත ජෝශප් විද්‍යාලය පසුගිය වසරේ ශූරයන් බවට පත්විය.

ගියවර මෙන්ම මෙවරද විදුලි ආලෝකය මධ්‍යයේ හෙට ප.ව 6.00 ට අවසන් තරගය කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ශා. ජෝශප් විදුහල

ශා. පීතර විදුහල

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...