. දක්ෂතම ක්‍රීඩකයා චනුල් : ක්‍රීඩිකාව ප්‍රියදර්ශනී | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
දක්ෂතම ක්‍රීඩකයා චනුල් : ක්‍රීඩිකාව ප්‍රියදර්ශනී
2018-07-01 15:11:40 | ශානුක අරවින්ද
‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ චනුල් දුල්සෙන් සමත් විය. ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ මුතුමාලි ප්‍රියර්ශනී එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.  
 
බාලක වයස 15 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුණ වරුසවිතාන හමුවේ පරාජයට පත්වූ චනුල් දුල්සෙන්, වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය. 
 
බාලිකා වයස 21 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉමාෂා ද සිල්වා පරාජය කළ මුතුමාලි ප්‍රියදර්ෂනි, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ විවෘත කාන්තා අවසන් මහ තරගයේදී වට 4-2 ක් ලෙස කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කරමිනි. 
 
විවෘත කාන්තා අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවුවද, එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජාතික ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටි එරන්දි වරුසවිතානද, අවසන් පූර්ව වටයේ තරගයකදී ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසු වූ ඉෂාරා මධුරංගිද පරාජය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ජිතාරා සමත් වූවාය. 
 
තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සමත් වූයේ අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලේ සුපුන වරුසවිතාන පරාජය කරමිනි. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ මුල් වට 6 නිමාවෙද්දී වට 3-3 ක් ලෙස ක්‍රීඩකයන් දෙදෙනාම සම තත්වයේ පසු වූ අතර කරට කර සටනකින් අනතුරුව ලකුණු 11/9 ක් ලෙස අවසන් වටය ජයගත් උදය සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය. 
 
අවසන් මහ තරගයේදී උදය හමුවේ පරාජයට පත් වුවද, එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ජාතික ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ රැදී සිටි චලිත රංජනද, අවසන් පූර්ව වටයේදී ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසු වූ රොහාන් සිරිසේනද පරාජය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සුපුන වරුසවිතාන සමත් විය. 
 
හිටපු ජාතික ශුරයකු වන නිර්මල ජයසිංහ මූලික වටයේ තරගයකදී ලබාල ක්‍රීඩක සෙනුර සිල්වා (අවුරුදු 13) හමුවේ පරාජය වීමත්, ජාතික ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන හංසනී පියුමිලා පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලබාල ක්‍රීඩිකා බිමන්දි බණ්ඩාර (අවුරුදු 13) හමුවේ පරාජය වීමත් මෙවර තරගාවලියේදී සිදුවූ සුවිශේෂී සිදුවීම් ලෙස හැඳින්විය හැකිය. 
 
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය කෑගලු විද්‍යාල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අතර සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතා එහි තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 
 
බාලක තරග ප්‍රතිඵල 
 
වයස 10 න් පහළ 
සයිෆුල්ලා අක්‍රම් (මහනුවර අල්හුදා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (12/10, 11/7, 11/7) 
 
වයස 12 න් පහළ 
ඔෂාන් සෙනරත්ආරච්චි (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (5/11, 13/11, 8/11, 11/8, 11/9) 
 
වයස 15 න් පහළ 
හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/6, 12/10, 6/11, 11/9) 
 
වයස 18 න් පහළ 
චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/8, 16/14) 
 
වයස 21 න් පහළ 
ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ප්‍රසාද් ද සිල්වා (මහනුවර නෙක්ස්ජෙන් විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/9, 11/9, 11/2) 
 
බාලිකා තරග ප්‍රතිඵල 
 
වයස 10 න් පහළ 
සදින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/6, 11/5)
 
වයස 12 න් පහළ 
නවිඳි සෙනවිරත්න (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල)  පරාජය කරන ලදි. (11/9, 12/10, 11/9)
 
වයස 15 න් පහළ 
කවිෂ්කා කාවන්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/6, 8/11, 11/3, 12/10) 
 
වයස 18 න් පහළ 
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/7, 12/10, 9/11, 11/3) 
 
වයස 21 න් පහළ 
මුතුමාලි ප්‍රියදර්ශනී (ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලය) විසින් තරග වට 3-0 ක් ලෙස ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/1, 11/8, 11/2) 
 
විවෘත පිරිමි 
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 4-3 ක් ලෙස සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/5, 9/11, 3/11, 11/4, 11/3, 5/11, 11/9) 
 
විවෘත කාන්තා 
මුතුමාලි ප්‍රියදර්ශනී (ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලය) විසින් තරග වට 4-2 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/4, 9/11, 15/13, 9/11, 11/8) 
 

 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ කුසලාන අතැතිව ආරාධිතයන් සමග.. 

දක්ෂතම ක්‍රීඩකයා -  චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලය)

දක්ෂතම ක්‍රීඩිකාව -  මුතුමාලි ප්‍රියර්ශනී  (ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලය) 
 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...