. අගමැති කුසලාන තර්ස්ටන් විදුහලට | කෙළිමඬල
2019 අපේ‍්‍රල් මස 23 වැනි අගහරුවාදා
අගමැති කුසලාන තර්ස්ටන් විදුහලට
2018-07-01 19:46:56 | සමීර ගොඩපිටිය

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ලකුණු 52-7 ක විශිෂ්ට ජයක් ලැබූ කොළඹ තර්ස්ටන් විද්‍යාලය මෙවර අගමැති කුසලානයට හිමිකම් කීමට සමත් විය. මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී අද (1 වැනිදා) පැවැත්විණ.

තරගය ආරම්භ වී මිනිත්තු 4ක් යාමට මත්තෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ තර්ස්ටන් විද්‍යාලයේ ඩී.එච්. වික්‍රමආරච්ච් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් ටී.එන්. ධර්මදාස තරගය ආරම්භ වී මිනිත්තු 5ක් යාමට මත්තෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ලබා ගත්තේය. නැවතත් තරගයේ 5 වැනි මිනිත්තුවේදී, ඩී.ටී. පෙරේරා උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එය ගෝලයක් බවට පෙරලීමට ටී.එන්. ධර්මදාසට හැකියාව ලැබිණ.

නැවතත් 11වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ තර්ස්ටන් විද්‍යාලයේ එම්.ජී.එම් රිෂාන් ලබාගත් උත්සාහක දිනුමත් සමගින් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 17-0 කින් පෙරමුණේ තැබීය.

සුමංගල විද්‍යාලයේ ආරක්ෂක වළල්ලේ හිඩැසින් උපරිම ප්‍රයෝජන ලබාගත් ටී.එන්. ධර්මදාස නැවතත් 24 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ ගෝලයක්ම වාර්තා කරමින් ලකුණු 26-0 බවට පත් කළේය.

තරගයේ පළමු භාගය නිමාවීමට මිනිත්තු 5ක් තිබියදී, සුමංගල විද්‍යාලයේ එස්.ඩී. පෙරේරා ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරලීමට එම්.වීරකොන්ට හැකියාව ලැබිණ. ඒ අනුව පළමු භාගය අවසානයේ ලකුණු පුවරුවේ ලකුණු සටහන් වූයේ 31-7 ක් ලෙස තර්ස්ටන් විද්‍යාලය පෙරමුණේ තබමිනි.

දෙවන භාගය ආරම්භ වී විනාඩි 11ට පසු නැවතත් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ තර්ස්ටන් විද්‍යාලයේ කේ.එම්. නිස්මික ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පෙරළීමට ටී.එන්. ධර්මදාසට හැකියාව ලැබිණ. ඒ අනුව ලකුණු 38-7 කින් පෙරමුණ ලබාගත් තර්ස්ටන් විද්‍යාලය, සුමංගල විද්‍යාලයට කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් ලබාදෙන පාටක් නොපෙනුණි.

පළමු භාගය අවසානයේ ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව නැවතත් සුමංගල විද්‍යාලයට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව ලබා නොදුන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 52-7 කින් පහසුවෙන්ම තරගය ජය ගැනීමට සමත් විය.

 

- 024

ඡායාරූප - ළහිරු හර්ෂණ

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
මුම්බායි පිල හයවැනි ජයත් ලබයි...
2019-04-18 20:15:50
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 34 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී අද (18 වැනිදා...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
2019-04-17 20:23:33
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇ...
ආරම්භක පිතිකරුවන් තෝරාගැනීමේ හිසරදය...
2019-04-17 13:35:49
ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක ශූරයන් බවට පත්වූ 1996 වසරේදී මෙන්ම අනු ශූරයන් බවට පත්වූ 2007 සහ 2011 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආර...
අසන්ත ද මැල්...
2019-04-18 18:39:23
“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කිය...
ලෝක කුසලාන තරගාවලියෙන් ප්‍රබලයෝ විසිවෙති...
ශ්‍රී ලංකා කන්ඩායමට සුබපතන්නද... පෘතුගීසි කන්ඩායමට සුබපතන්නද කියලා හිතාගන්න බෑ ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
තේරීම් කමිටු සභාපති පවසන ආකයට මාලිංගගේ නායකත්වය කිසිම ගැටළුවක් නැතත් අනෙත් ක්‍රීඩකයන් සහයෝගය නොදෙක්වීමයි. රටක් නියෝජනය කරන අනෙත් ක්‍රීඩකයන් නායකයට සහය...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
රටට සෙල්ලම් කරන්න බැරි අය වැඩක් නෑ.....තමන්ගේ පෞද්ගලික හිතු මතේට මෙහෙම රටක්....  සෙල්ලම් කරන්න තරගෙකට බැහැ කියන එක මහ අමන වැඩක්..... රටේ සල්ලි...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
මාලිංග කරුණාකර මහජනතාවට පෙන්නන්න ඔබ තනතුරු සඳහා ගිජු පුද්ගලයෙක් නොවන බව....ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉදිරිපත් වී දක්ෂතා පෙන්වන්න. මහජනතාව ...
මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී ...
ආගම පදනම් කරගෙන ක්‍රීඩකයන් තේරීම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් අහිතකර වේ. ...