. වොස්නියැකිට අනපේක්‍ෂිත පරාජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
වොස්නියැකිට අනපේක්‍ෂිත පරාජයක්
2018-07-05 12:24:18 | .

අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන පසුවන ඩෙන්මාර්කයේ කැරොලින් වොස්නියැකිට විම්බල්ඩන් ශූරතාවලියේ දෙවැනි වටයේදී අදහාගත නොහැකි පරාජයක් අත්කර දීමට රුසියාවේ එක්ටෙරිනා මැක්රෝවා සමත්වූවාය. ඇය මේ තරගයෙන් ලකුණු 6-4, 1-6ක් සහ 7-5 ක ජයක් වාර්තා කරමින් තුන්වැනි වටයට පිවිසීමට සමත්වූවාය.

මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ සෑහෙන දුරක් යාමේ බලාපොරොත්තුවෙන් ලන්ඩනයට පැමිණි වොස්නියැකි දෙවැනි වටයේ තරගය ආරම්භයට පෙර ‘ඔබට  වැඩි දුරක් යාමට ලැබෙන්නේ නෑ‘ යනුවෙන් සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ කණට කොඳුරා කීවත් අන්තිමේදී ගෙදර යාමට සිදුවූයේ ඇයටමය. 

පසුගිය ජනවාරියේ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළ දිනූ මෙම 27 හැවිරිදි ඩෙන්මාර්ක ක්‍රීඩිකාව මෙවර ලන්ඩනයට පැමිණියේ ලොව ප්‍රබලතම ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් වනු ඇතැයි අනාවැකි පළවෙමින් තිබියදීය. 

“ඇය ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සමත්වුණා. ඒ වගේම වාසනාවන්ත විදිහට තුන්වැනි වටයට සුදුසුකම් ලබාගත්තා” යයි තරගයේ පරාජයෙන් පසුව වොස්නියැකි කීවාය. 

තිස් හැවිරිදි රුසියානු ක්‍රීඩිකාව මීට පෙර අමෙරිකානු විවෘත තරගාවලියේ දෙවැනි වටයේදීත් වොස්නියැකි පරාජයට පත්කළ ක්‍රීඩිකාව විය. ඊට අමතරව ඇය මීට පෙර දෙවතාවක්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් තරග බිමේ අවසන් පූර්ව වටය දක්වා යාමට සමත්වූ ක්‍රීඩිකාවකි. ඒ දෙවතාවම වාර්තා වූයේ 2014 සහ 2015 අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේදීය.

- 077

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...