. රොජර් ෆෙඩරර් බලාපොරොත්තු කඩකරගනී | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
රොජර් ෆෙඩරර් බලාපොරොත්තු කඩකරගනී
2018-07-12 19:57:48 | ...

විම්බල්ඩන් ටෙනිස් ශූරතාවට අට වතාවක්ම හිමිකම් කීවද දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් හමුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 2-6, 6-7, 7-5, 6-4 ක් සහ 13-11 ක්  ලෙස පරාජයට පත්වූ ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ ක්‍රීඩක රොජර් ෆෙඩරර්ට බලාපොරොත්තු සුන්කර ගනිමින් ගෙදර යාමට සිදුවිය. 

පැය හතරකුත්, මිනිත්තු 13 ක් පුරා ඇදී ගිය මේ තරගයෙන් තමා පරාජයට පත්වූයේ බලාපොරොත්තු රහිත ලෙස යැයි තරගයෙන් පසුව ෆෙඩරර් කියා සිටියේය. 

 මේ වන විට 36 හැවිරිදි ෆෙඩරර් ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් දිනා සිටින අතර මෙවර විම්බල්ඩන් තරගාවලියට එක්වූයේ කුසලානය පිළිබඳ සෑහෙන බලාපොරොත්තු කන්දරාවක් කරපින්නා ගෙනය. වැඩිම විම්බල්ඩන් කුසලාන සංඛ්‍යාවක් දිනූ ක්‍රීඩකයා වන ෆෙඩරර් මෙවර තරගාවලියේ කුසලානය දිනාගනිමින් විම්බල්ඩන් කුසලාන 9ක් දිනූ ක්‍රීඩිකාව වන මාටිනා නව්රතිලෝවාගේ වාර්තාව සම කිරීමට බලා සිටියේ පුදුම ආශාවකිනි. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයකු වසර 1983 තරගාවලියේ අවසන් පූර්ව වටයට යාමෙන් පසුව විම්බල්ඩන් කුසලාන ටෙනිස් තරගාවලියේ අවසන් හතර දෙනා අතරට එක්වූ පළමු දකුණු අප්‍රිකානුවාද ඔහුය. 

“මේ වගේ තරග ඉතා විශේෂිතයි. රොජර් පරද්දනවා කියන්නේ කවදාවත් අමතක නොවන තරගයක්. ඒත් තවත් තරග 2ක් දිනන්න තියෙනවා” යයිද  කෙවින් ඇන්ඩර්සන් කීවේය.

 - 077

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...